ඔබේ ශරීරයේ විෂ ඉවත් කරන සාර්ථකම ක්‍රම 11ක්

0
22890

ඔයා දන්නවා ඇති අපි ජීවත් වෙන පරිසරය විෂ හා විෂ ද්‍රව්‍යය වලින් පිරිලා අපි කවුරුත් දන්නෙම නැතුව ඒවායේ ගොදුරක් බවට පත්වෙලා ඉන්නේ. ඔයා කන කෑමවල, වාතය වගේම ඔයාගේ පි‍්‍රයතම උපකරණ වලත් රසායනික විෂ තිබෙනවා. පළිබෝධනාශක, රසදිය හා යුරේනියමි පවා සෞඛ්‍යයයේ පිරිහීමට දායක වෙනවා. අපේ ශරීරයේ විෂ ඉවත් කිරීමෙන්, විෂවලට නිරාවරණය වීමෙන් ආරමිභ වන සෞඛ්‍යය ගැටළු මාලාවක් වළක්වා ගන්නත් පුළුවන්.ඉතින හෙළ රහස් අපි ශරීරයේ විෂ ඉවත් කර සෞඛ්‍යය සමිපන්නව සිටිමට උපකාරි වන ක‍්‍රම 11ක් ගැන කියලා දෙනවා.

01.රතු වයින් බොන්න

දැන් ඔයා හිතයි සෞඛ්‍යය ගැන කියලා මත්පැන් ගන්න කියනවද කියලා. බොන්න කිව්වම බෝතලයක්ම බොන්න යන්න එපා හොදද? ඔයා දන්නවද? දිනකට රතු වයින් වීදුරුවක් පානය කිරීම මගින් ඔයාගේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය පාලනය කරන අතර මූත‍්‍රා ආසාදන සමගද සටන් කළ හැකි බව බොහෝ අධ්‍යයන මගින් ඔප්පු කරලා තිබෙනවා.

02.සක‍්‍රීය කළ අඟුරු භාවතා කරන්න

සක‍්‍රීය කළ අඟුරු කියන්නේ ප‍්‍රධාන වශයෙන් දැව, සුන්බුන් හෝ පොල්කටු පවා පුළුස්සා ලබා ගන්නා අඟුරු වලටයි. (ඒ කියලා අඟුරු කන්න යන්න එපා.මේ බෙහෙත් පෙත්තක්) පිළිස්සු ද්‍රව්‍ය වලට ඔක්සිජන් නොමැති අතර එයට හොද අවශෝෂණ හැකියාවක් ඇත. එමගින් ඔයාගේ ශරීරයේ විෂ ඒ කියන්නේ බැර ලෝහ හා විෂ ඉවත් කරනවා. ආහාර වේලකට පෙර හෝ මත්පැන් පානය කිරීමට පෙර මෙම පෙති ගැනීමට උපදෙස් ලබා දෙනවා.

03.ජලය අධික ලෙස පානය කරන්න

අහිතකර දෑ ශරීරයෙන් ඉවත් කිරීම සදහා ජලය ස්වභාවික ප‍්‍රභවයකි. ඔයා වැදියෙන් ජලය පානය කරන තරමට ඔයාගේ ශරීරයේ විෂ ද්‍රව්‍යය මූත‍්‍රා මාර්ගය ඔස්සේ පිටව යයි. ඔයාගේ ශරීරය පිරිසිදු කිරීමට උපකාරි වන ජලය මත පදනම්ව ව්ශේෂ පානයක් තිබෙනවා. කාබනික ඇපල් විනාකිරි තේ හැදි 2ක් වතුර ගැලූම් එකකට එකතු කර සොලවන්න. දිනපතා උදෑසන මෙය පානය කරන්න.

04.පිරිසිදු කළ සීනි වලින් වළකින්න

පිරිපහදු කළ සීනි හා කෘතීම රසකාරක මගින් ශරීරයේ ස්වභාවික පරිවෘත්තිය අවහිර වන බව ඔබ දන්නවාද? එමෙන්ම ශරීරයේ අධික ග්ලූකෝස් ප‍්‍රමාණයක් ඇති වෙනවා. ඒ වගේම ශරීරයේ බර වැඩි වීමටත් දියවැඩියාව හා හෘද රෝග ඇතිවීමේ අවස්ථාද නිර්මාණය වෙනවා. කාබනික දුඔුරු සීනි, මේපල් සිරප් හා අනෙකුත් සෞඛ්‍යය සම්පන්න රසකාරක වලට මාරු වීම ශරීරයට හිතකර වෙනවා. රසකැවිලි කන්න ඔයත් පෙරේතයි නම් ඔයාටත් දැන් හැගෙන්න ඕන මමත් මගේ ශරීරයේ සීනි ඉවත් කර ගන්න ඕනකියලා.

05.කාබනික දේවල් කෑමට පුරුදු වෙන්න

කාබනික එළවළු පළතුරු හා මස්වල පළිබෝධනාශක හෝ ප‍්‍රතිජීවක වැනි විෂ අඩංගු වන්නේ නැත. කාබනික දෑ ඔබගේ ශරීරයට එක්කර ගැනිමෙන් ඔබේ පරිවෘත්තිය වැඩි කර ගන හැකි අතර ඔබේ ශරීරයේ අනවශ්‍යය විෂ සහිත මූලද්‍රව්‍යය ඉවත් කිරීම සදහාත් ආහාර ජීරණ පද්ධතිය වඩා හොදින් කි‍්‍රයාත්මක කිරීමටත් උපකාරි වෙනවා. සැකසූ ආහාරවල කාබනික ආහාරවල මෙන් පෝෂ්‍ය ගුණයක් නොමැත. ඔයාට පුළුවන් නම් ඔයාම එළවළු වගා කරන්න. පොඩි ඉඩකින් හෝ වගා කරගත හැකි බෝග ඕනෑ තරම් තිබෙනවා. එසේත් නැතිනම් දේශීය ගොවින්ගෙන් මිලදී ගන්න.

06.විෂ වායුව ඉවත් කරන්න

විවෘතව ඇති කවුළු හරහා විෂ ද්‍රව්‍යය හා විෂ වායුව ඔයාගේ නිවසටත් ඇතුළු වෙන්න පුළුවන්. වාතය පිරිසිදු කරන එකනම් හොදම වැඩක් නේද? එතකොට ඔයාට පුළුවන් නරක දෑ ඔයාගේ ශරීරයට එක්කර නොගන්නත් පුළුවන්. වායු පවිත්‍රකාරකයක් ලබා ගන්න එවිට එම කාර්‍යය එය කරනු ඇත. ගෘහ උපකරණවල දුවිලි පිස දැමීම හා තෙත මොප් එකකින් බිම පිරිසිදු කිරීම මගින් වායුව පිරිසිදු කරගත හැක.

07.උදෑසන තේ වෙනුවට හරිත තේ පානය කිරීම

විශේෂයෙන් නොපෙරූ කෝපි කොලෙස්ටරෝල් මටිටම ඉහළ නැංවිය හැකිඩිට ඩිටර්පෙනොයිඩ් අනුව කැෆස්ටෝල් අඩංගු වේ. අහිතකර කොලෙස්ටරෝල් ශරීරයට එක්කිරීමෙන් වළකින්න එමෙන්ම හරිත තේ හෝ ඕනෑම ශාකශාර තේ පානයකට මාරු වෙන්න.

08.වරින් වර නිරාහාරව සිටීමට උත්සහ කරන්න

අපි කනවා කනවා, ඊට පස්සේ අපි තව ටිකක් කනවා. පුදුම කෑමක් නේද අපි කන්නේ. ඔයා දන්නවාද ගොඩක් දියුණු රටවල මිනිස්සු කන්නේ දවසට දෙපාරයි. ඒකට අපි නේද? අපි වැඩිපුර කන්නේ සැකසූ ආහාර හා පිරිපහදු කරපු සීනවලින් හදන කෑම තමයි. දිනක් හෝ දෙකක් නිරාහාරව සිටීමෙන් ඔබේ ශරීරය පිරිසිදු කරන අතරම ඔබගේ ආහාර රුචිය අඩු කර වඩාත් සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් සදහා සූදානම් වෙනවා. එහෙනම් දවස් දෙකක් බඩගින්නේ ඉමු නේද?

09.sauna (හුමාල ස්නානය හෝ ව්‍යායාම වෙත යන්න

දහඩිය දැමීම යනු ශරීරය ස්වභාවිකව පිරිසිදු කරන ක‍්‍රමයකි. ඔයාට වැඩි වැඩියෙන් දහඩිය දමන තරමට ඔබ පිරිසිදු වෙනවා.sauna (හුමාල ස්නානය වෙත ගොස් හොදින් දහඩිය පිට කර ගන්න. ඔයාට මොනවම හරි සෞඛ්‍යය ගැටළුවක් තියෙනවනම් ඉහළ උෂ්ණත්වයට නිරාවරණය වීම ඔයාට නුසුදුසු වෙන්න පුළුවන් ඒ නිසා යන්න කලින් ඔයාගේ වෛද්‍යවරයාගේ අනුමැතිය ලබා ගන්න.දහඩිය දමන අනෙක් ක‍්‍රමය වන්නේ ව්‍යායාමි කිරීමයි. ඔයාට ගොඩාක්ම ගැලපෙන දේ තෝරගෙන ඒ සදහා යන්න.දහඩියෙන් ඔයාව පිරිසිදු කරනවා වගේම දහඩිය ඔයා පිරිසිදු කර ගන්න ඕන.තේරුනේ නැද්ද? නාන්න ඕන.

10.ප්රෝබියොටික් හෝ ප්රෝබියොටික් ආහාර ඔබේ ප‍්‍රියතම ආහාර බවට පත් කර ගන්න.

ඔබේ පිරිසිදු බව ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතිය හා එය හොදින් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රධාන වෙනවා. ඔයාගේ බඩවැල් හා ආමාශයේ කි‍්‍රයාකාරිත්වය පහසු කිරීම සදහා ප්රෝබියොටික් අතිරේක ලෙස හෝ ප්රෝබියොටික් ආහාර අනුභව කරන්න. ප්රෝබියොටික් බහුල ආහාර වලින් වන්නේ කෙෆීර් හෝ සාමාන්‍යය යෝගටි ය. ඔයා අවම වශයෙන් දිනකට එක් වරක් හෝ මේවා ලබා ගැනීමට උත්සහ කරන්න. ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය ඔබට ස්තූති කරයි.

11.විෂ ඉවත් කරන පහසු ක‍්‍රම අධ්‍යයනය කරන්න.

ඔයාගේ ආහාර රටාව වෙනස් කරන්න. එය ඔබේ ශරීරයේ විෂ ඉවත් කරන පහසුම ක‍්‍රමය වේ. පිළියෙල නොකළ ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔයාගේ ජ්රණ පද්ධතිය හොදින් ක‍්‍රියා කිරීමට හා පිරිසිදු කිරීමටත් උපකාරි වෙනවා. පළතුරු, එළවළු , හා කෙෆීර් හෝ යෝගටි වැනි ප්රෝබියොටික් ආහාර අනුභවය ශරීරයට පහසුවක් ගෙන දෙයි. රසකාරක වලට ප‍්‍රිය නොවී පිළියෙල කළ ආහාර වලින් ඈත්ව සිටින තාක් ඔබේ ශරීරය හොදින් පවත්වා ගැනීමට ඔබටත් හැකි වෙනවා. ( පරිභෝජනයට පෙර හොදින් සෝදා අනුභව කරන්නත් අමතක කරන්න එපා.)

බෝනස් කොටසක් : විෂ ඉවත් කිරීමට අයන් – වතුර

ඔයාගේ ශරීරයේත් විෂ ඉවත් කිරීමට අයන් – වතුර තවත් ක‍්‍රමයකි. රූපලාවන්‍යාගාර තුළ පෙඩිකියු කිරීමෙන් පසු මෙම විකල්පය භාවිතා කරනවා. ඔයාට මෙම උපකරණය අන්තර්ජාලයෙන් මිලදී ගෙන නිවසේදීම භාවිතා කරන්නත් පුළුවන් .

ඔන්න අද අපි ඔයාලට ඔයාගේ ශරීරයේ ව්ෂ ඉවත් කර පිරිසිදු කරගන්නා ක‍්‍රම 11ක් නෑ නෑ ඇයි බෝනස් කොටසකුත් කියලා දුන්නා . ඔයාටත් තියෙනවා නේද ඔයාගේම රහස් ක‍්‍රමයක්. ඔයා කැමතිනමි අපේ යාලුවන්ටත් බලන්න කමෙන්ට් බොක්ස් එකේ කොටා ගෙන යමුද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here