තට්ටය පෑදීම නතර කරන විශ්මිත ප්‍රතිකාර 12

0
2124

සමහර විට මේ ගැටළුව තියෙන බහුතරය ඇතුල්‍රෙ ඔබත් ඉන්නවා නම් ඔයාටත් මේ වීඩියෝව ගොඩක් වැදගත් එකක් වෙයි.ඉතිං අද වෙද්දී මේ තට්ටය පෑදීම ඔයාටත්  විශාල ගැටළුවක් වෙලාද?. එහෙනම් රැදිලා ඉන්න මේ විඩියෝව අවසන් වන තුරු මොකද ඔබටත් අපි අද කියන්න හදන මේ ප්‍රතිකාරයන් ඔයාගෙ ගැටළුව නිකම්ම විසදලා දෙයි. ලොවපුරා සිටින පිරිමි පුද්ගලයින්ගෙන් 70% පමණ ප්‍රතිශතයක් තට්ටය පෑදීම නිසා පීඩා විඳිනවා.මේ ප්‍රතිශතයෙන් එක් කොටසකට වටේ තියෙන හිසකෙස් පමණක් ඉතිරි වී හිස් මුදුනේ හිසකෙස් ගැලවී තට්ටය පෑදෙනවා.තවත් අයට සම්පුර්ණයෙන් ම හිසකෙස් ගැලවී ගිහින් සම්පුර්ණ තට්ටයම මතු වෙන්වා.ඒ වගේම තමයි කෙස් ගැලවෙන තරම් වේගෙන් අයෙත් කෙස් වර්ධනය වෙන්නෙත් නැහැනෙ,ඉතිං මේ වගේ විවිධ අකාරයෙන් තට්ටය පෑදීමට මුහුණු දෙන ඔබට ගමනක් බිමනක් යන්න වුනත් බෑ නේද?


ජානමය තත්වයනුත් සහ ලිංගික හොමොන වල සිදු වන වෙනස්කම් හින්දා තමයි පිරිමි පුද්ගලයන්ගේ තට්ටය පෑදීමට හේතු වෙනවා. තට්ටය පෑදීම වළක්වා හිසකෙස් සවිමත්ව නැවත වර්ධනය කර දෙන ස්වභාවික සත්කාර කිහිපයක් අද අපි ඔබට ගෙනවිත් තිබෙනවා.

  1. උළුහාල් ඇට සහ තෙල්
    උළුහාල් ඇට කිහිපයක් සමග පොල්තෙල් ස්වල්පයක් තාච්චියකට එක්කර
    සුළු වේලාවක් බැදගන්න. ඊළඟට මේ මිශ්‍රණය සිසිල් වූවායින් පසුව සුළු
    ප්‍රමාණයක් ගෙනහිසේ ආලේප කරන්න. දැන් මේ ආලේපනය හිසකෙස් මුලටම
    ගමන් කරවීම සඳහා ඇඟිලි තුඩු භාවිතා කර හිස හොඳින් පිරි මදින්න. මේ
    ආලේපනය සතියකට වාර තුනක් හෝ හතරක් ස්නානය කිරීමට පෙර හිසේ
    ආලේප කරන්න. මේ සත්කාර ක්‍රමය මගිනුත් ඔබට පුළුවන් ලෙහෙසියෙන්ම
    හිසකෙස් වැටීයාම වළක්වා තට්ටය පෑදීම නතර කරන්න.
    02.ළුණු සත්කාරය
    ලොකු ළුණුගෙඩියක් ගෙන දෙකට කපා ළුණුබෑයේ ඇතුල් පැත්ත තට්ටය පෑදී
    ඇති තැන උදෑසන සහ සන්ද්‍යා කාලයේදී හොඳින් අතුල්ලන්න. මේ ස්ථානය
    ඇතිල්ලීමේ දී රතු පැහැ වන තෙක් හොඳින් අතුල්ලන්න.ඊළඟට මේ ස්ථානයේ
    මීපැණි ස්වල්පයක් ආලේප කරන්න. මේ සත්කාර ක්‍රමය දිනපතා සිදු
    කරන්න.ඔබටත් මෙය ඔබේ ගැටළුවට හොද විසදුමක් වෙයි.
  2. නෙල්ලි සහ දෙහි යුෂ
    දෙහි යුෂ සහ නෙල්ලි යුෂ සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන මිශ්‍ර කරලා ඒක
    ෂැම්පු එකක් විදියට හදලා හිසෙහි ආලේප කරන්න. සුළු වෙලාවක් සිට මෙම
    මිශ්‍රණය සෝදා ඉවත් කරන්න. මෙම ක්‍රමයත් හිසකෙස් නැවත වර්ධනය කර
    ගන්න සිදු කල හැකි සාර්ථකම ක්‍රමයක් වෙයි.
  3. බිත්තර
    අමු බිත්තරයක් ගෙන එය හජනයකට දමා හොදින් ගසා ගන්න.පසුව එය 
    හිසේ හොඳින් ආලේප කරන්න. මේ ආකාරයට අවම වශයෙන් සතියකට වාර
    එකක් හෝ තුනක් සිදු කරන්න. ඔබ මෙම බිත්තරයට ඔලිව් තෙල් ස්වල්පයක්
    එක් කරනවානම් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
  4. ඔබ භාවිතා කරන තෙල් වර්ගයක් ආලේප
    කර දින පතා හිස සම්භාහනය කරන්න
    ප්‍රථමයෙන්ම ඔබ භාවිතා කරන තෙල් වර්ගය අල්ලට රැගෙන හොදින් හිසෙ
    හි සමේ සහ හිසකෙස් පුරාවටම ආලේප කරන්න. දැන් ඔබේ හිස විනාඩි
    දහයක් පමණ හොදින් සම්භාහනය කර විනාඩි පහළොවක කාලයක් විවේකීව
    සිට ෂැම්පු හෝ මෘදු සබන් වර්ගයක් භාවිතාකර හිස හොඳින් සෝදා හරින්න.
    තට්ටය පෑදීම වලක්වා ගන්න නම් මේ සත්කාර ක්‍රමය දිනකට හතර වතාව
    බැගින් දිනපතාම සිදු කරන්න. ඒ වගේම, ඔබට පුළුවන් පොල්තෙල් හෝ
    අම්ලා තෙල් ඔබ නිදන්නට පෙර හිසේ ආලේප කර හිස්කබලට සිදුවන රුධිර
    සංසරණය වේගවත් කර මානසික ආතතිය පවා ලේසියෙන්ම අඩු කරගන්නට.
    ලෙහෙසියෙන්ම හිසකෙස් වැටීයාම වළක්වා තට්ටය පෑදීම නතර කර ගන්න.
  5. මරතොන්ඩි කොළ (හෙනා)
    අබ තෙල් ස්වල්පයක් සමග මරතොන්ඩි පත්‍ර කිහිපයක් හොඳින් රත්කර
    ගන්න. ඊළඟට මේ මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හැර ඔබ සාමාන්‍යයෙන් භාවිතා
    කරන තෙල් වර්ගයක් සමග හොදින් මිශ්‍ර කරන්න. ඔබ මේ රත්කරගත්
    මිශ්‍රණය පොල්තෙල් සමග මිශ්‍ර කර ගන්නවානම් සාර්ථක ප්‍රතිඵල
    අත්කරගන්නට පුළුවන්. මේ ආකාරයට අවසාන වශයෙන් ඔබ සකස් කරගත්
    මිශ්‍රණය සතියකට වාර දෙකක් හෝ තුනක් හිසේ ආලේප කර තට්ටය පෑදීම
    වළක්වා ගන්න.
  6. මුදවාපු මී කිරි සහ කඩල පිටි ආලේපනය
    කඩල පිටි මේස හැඳි දෙකකට නැවුම් තත්වයේ ඇති මුදවාපු මී කිරි මේස
    හැඳි දෙකක් හෝ තුනක් එකතු කරමෘදු ආලේපනයක් සකස් කරගන්න. මේ
    ආලේපනය හිසෙහි සමේ සහ හිසකෙස් පුරාවටම ආලේප කර පැයක පමණ
    කාලයක් සිට හිස හොඳින් සෝදාගන්න. හිසකෙස් වැටීමත් තට්ටය පෑදීමත්
    වළක්වාගන්න නම් මේ සත්කාරය දිනකට වාර තුන බැගින් සිදු කරන්න.
  7. මීපැණි සහ ඔලිවු තෙල් මිශ්‍රණය
    මීපැණි තේ හැඳි දෙකක් ගෙන එයට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් සමග
    හොඳින් මිශ්‍ර කර මිශ්‍රණයක් සකස්කරන්න. දැන් කුරුඳු කුඩු තේ හැන්ඳක්
    ගෙන මේ මිශ්‍රණයටම එකතු කරන්න. ඔබේ හිසකෙස් වැටී තට්ටය පෑදී

තිබෙන ස්ථාන වල මේ මිශ්‍රණය ආලේප කර විනාඩි පහළොවක කාලයක් තබා හිස හොදින් සෝදන්න. ඔබ මේ සත්කාර ක්‍රමය සතියකට වාර දෙක බැගින් මාස තුනක් හෝ හතරක් සිදු කරන්න. එවිට ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නට පුළුවන්.

  1. නෙල්ලි
    වියළි නෙල්ලි කැබලි කිහිපයක් පොල්තෙල්වලට එක්කර රත් කරන්න. මෙම මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හැර වාතය ඇතුළු නොවන බෝතලයකට මාරු කරන්න. දිනපතා මෙම තෙල ඔබේ හිසේ ආලේප කර විනාඩි පහළොවක කාලයක් තබා ස්නානය කරන්න. මෙම සත්කාර ක්‍රමය මගින් ඔබේ හිසකෙස් ඉක්මණින් වර්ධනය වෙව්.
  2. නෙල්ලි සහ දෙහි යුෂ
    නැවුම් දෙහි යුෂ සහ නෙල්ලි යුෂ සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන මිශ්‍ර කර ෂැම්පු ආලේප කරන ආකාරයට හිසෙහි ආලේප කරන්න. සුළු වෙලාවක් සිට මෙම මිශ්‍රණය සෝදා ඉවත් කරන්න. මෙම ක්‍රමයත් හිසකෙස් නැවත වර්ධනය කර ගැනීමට සිදු කල හැකි සාර්ථකම ක්‍රමවේදයක් වේවි.
  3. ලෙමන් ඇට සහ ගම්මිරිස් ඇට
    ගම්මිරිස් ඇට දහයක් සහ ලෙමන් ඇට දහයක් ගෙන කුඩු කරන්න. මෙම ඇට
    වර්ග දෙක කුඩු කර සකස් කර ගත් පවුඩරයට ජලය සුළු ප්‍රමාණයක් එක්කර
    දිනකට දෙවරක් තට්ටය පෑදී ඇති ස්ථානයේ ආලේප කරන්න. සති කිහිපයක්
    මෙම සත්කාර ක්‍රමය අනුගමනය කරන්න. එවිට හිසකෙස් වර්ධනය සඳහා
    අවශ්‍ය වන රුධිර සංසරණය වේගවත් වේවි.
  4. පේර පත්‍ර
    පේර පත්‍ර කිහිපයක් ගෙන ජලය ලීටරයකට එක්කර ජලය අඳුරු පැහැ වන
    තුරුතම්බා ගන්න. ඉන් පසුව මෙම ජලය සිසිල් කර ගෙන සතියට වාර දෙකක් හෝ තුනක් හිසෙහි ආලේප කර හොඳින් සම්භාහනය කරන්න. ඔබටත් පුලුවන් මේ ප්‍රතිකාර වලින් ඔයාට ලේසිම ක්‍රමය තෝර ගෙන ඒ ප්‍රතිකාරය සතියට දෙවරක් ගානේ සති කිහිපයක් කරන්න.ප්‍රතිකාරයෙන් ප්‍රතිකාරයට මාරු වෙන්න නැතුව එකම ප්‍රතිකාරයක් සිදු කරමින් ඔබත් මේ ප්‍රතිකාර වල වෙනස අත්විදින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here