දරුවාගේ මතක ශක්තිය වැඩි කරන්න මේ ආහාරයන් කෑමට දෙන්න

0
5161

ඔයත් අම්මා කෙනෙක් නම් ඔයාටත් මේක ගොඩක් වැදගත් දෙයක් වෙනවා.මොකද ඔබත් ඔබේ දරුවන් ගැන සිහින මවමින් ඉන්න අම්මා කෙනෙක් නම් ඔබ දැනගත යුතුම කරුණු ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ගොඩක් අම්මාලා දරුවන් ලැබෙන්න ඉන්න කාලයෙ ඉදලම දරුවාට ගොඩක් ගුණදායක දේවල්නෙ අහාරයට ගන්නෙ.මොකද දරුවාගෙ මොලේ වර්ධනයට හොද අහාර වේලක් අවශ්‍ය වෙන හින්දා.දරුවන් ටික ටික ලොකු වෙද්දි අම්මාල දරුවන්ට දෙන්න ඕනේ දරුවගෙ පෝෂණයට අවශ්‍ය කරන දේවල්.ඒ වුනාට සමහර  අම්මලා දරුවන්ට ක්ෂණික පිසින ලද අහාර ලබා දෙන්න පුරුදු වෙලා තියෙන්වා ඒ වර්තමානයෙ තියෙන කාර්‍යබහුල තත්වය හින්දා වෙන්න පුලුවන් නමුත් ඔබ මතක තබා ගන්න ඕනෙම කාරණයක් තමයි ඔබගෙ මුලු ජීවිතයම ඔබගෙ දරුවන් කියලා.ඉතින් එහෙම නම් ඔබ දරුවාට ලබා දෙන අහාර ගැන ඔබ හොද සැලකිල්ලෙන්  ඉන්න ඕනේ වෙනවා.


ඉතින් අපි බලමු මොනවද ඔබ දරුවාට දෙන්න ඕනේ ගුණදායක අහාරයන් කියලා.

1.මාළු


මාළු අනුභව ගන්න එක මොලයේ ක්‍රියාකාරිත්වය ගොඩක් වැදගත් දෙයක්. සැමන්, මැකරල් වැනි මාළු වල ඔමේගා 3 මේද අම්ලය බහුලයි. මීට අමතරව ඇල්සයිමර් රෝගය වැනි මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවදානම අඩුකරනු ලැබේ. මාළු වල ඔබේ මොළය වර්ධනය වීමට උදව් වන EPA සහ DHA ඇසිඩ් වර්ග දෙකත් අඩංගු වෙනවා.  DHA මනසේ ආතතිය කළමනාකරණය කිරීමට සහ මානසික සහනය ඇති කරවන Serotonin හෝමෝනය නිපදවීමට උදව් කරනවා.

2.කොළ සහ හරිත එළවළු


ඔබටත් ඔබේ දරුවාගේ මතක ශක්තිය වර්ධනය කරගන්න අවශ්‍ය නම් ඔබ දිය යුතුම අහාරයක් තමයි පලා වරිග එහෙමත් නැත්නම් හරිත පැහැ එළවළු වර්ග. එසේනම් අද සිට ඔබේ  දරුවාගේ පිඟානෙන් හරිත එළවලු සඳහා කුඩා ඉඩක් හෝ වෙන් කර ගන්න ඕනේ උදාහරණයක් විදියට ගත්තොත් ගෝවා, නිවිති වැනි අහාරයන්. මේවායේ අඩංගු විටමින් A, ​​K, බීටා-කැරොටින්, Folate සහ Lutein ප්‍රතිශක්තිකරණය සඳහා සටන් කරන අතර, වඩා හොඳ මතක ශක්තියක් රඳවා ගැනීම සඳහා උපකාර කරනවා.

3.ධාන්‍ය වර්ග

දරුවාගේ මොලය ඇතුළු සියලුම ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වීම සඳහා ශක්තිය ගොඩක් අවශ්‍යය වෙනවා.

ඔබට ඔබේ දරුවාගේ මතක ශක්තිය වැඩි දියුණු කර ගැනීමට කැමති නම් ඔබ ආහාර පිණිස ධාන්‍ය වර්ග තෝරා ගත යුතුම වෙනවා.හැම දාම උදේට කඩල,මුං ඇට,කව්පි වැනි දේ ඔබේ දරුවාට ලබා දෙන්න.

4.බිත්තර

බිත්තර කියන්නෙ ගොඩක් හොද පෝෂණ ප්‍රභ්වයක්. එහි විටමින් බී 6 සහ බී 12, Folate සහ Choline බහුලව අඩංගු වේ. විටමින් B සහ Folate ඇසිඩ් වයස්ගත වීමත් සමඟ ඇති වන මානසික ආබාධ වැළඳීමේ අවදානම අඩු කරන අතර, මානසික ආතතිය අඩු කරයි. එසේම මතකය වැඩි දියුණු කිරීම සඳහා Choline වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. බිත්තර ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය ඉහල නැංවීම සඳහා උපකාරී වන ස්නායු උත්තේජනය කරන Acetylcholine හෝමෝනය නිපදවීම ඉහල යනවා. ඒ හින්දා පාසල් යන වයසේ දරුවන්ට දිනකට බිත්තරයක් ආහාරටයට එක් කිරීම දරුවන්ගේ වර්ධනයට ඉතාමත් වැදගත්.

මාංශ පේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂපදාර්ථයක් වන ප්‍රෝටීන් ලබා ගන්න හොඳම හා පහසුම ක්‍රමය වෙන්නේ බිත්තර සුදු මදය. බිත්තර ආහාරයට ගැනීමෙන් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සම්පුර්ණ වෙනවා. ඊට අමතරව බිත්තර සුදු මදයේ ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. මිනිස් සිරුරට ඇමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය සම්පුර්ණ කර ගන්න බිත්තර ආහරයට එකතුකර ගැනීමෙන් පුළුවන්.

5.කහ

කහ කියලා කිව්වම ඔයාලා දන්නවානේ අපි අහාර සෑදීමේදී භාවිතා කරන කහ කුඩු ගැන තමයි මේ කියන්න හදන්නෙ කියලා. මොලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරීමට කහ කුඩු වලට හොද හැකියාව තියෙනවා. මෙමඟින් මොළයේ සෛල වර්ධනය වීමට සහ තොරතුරු සැකසීමට අවශ්‍ය පසුබිම සකස් කරනවා.

6.අලිගැටපේර

අලිගැටපේර කියන්නේ ගොඩක් ගුණදායක අහාරයක්.අලිගැටපේර වල විටමින් E බහුලව අඩංගු වන අතර,  ප්‍රතිඔක්සිකාරකයන්ද අඩංගු වෙනවා. මෙය මොලයේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමට උපකාරී වෙනවා. අලිගැටපේර දරුවන් බොහෝ දෙනෙක් අහාරයට ගන්න කැමති මොකද අලිගැටපේර කියන්න ගොඩක් රසවත් අහාරයක්.එය බීම එකක් විදියට වුනත් දරුවාට ලබා දෙන්න සුදුසුයි.

7.තක්කාලි

තක්කාලි වල මොළයේ විනාශ වූ සෛල නඩත්තු කිරීම හා නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියා කරන Lycopene බහුලව අඩංගු වෙනවා,ඒ හින්දා තක්කාලි කියන්නෙ මොලයේ වර්ධනය අවශ්‍ය පෝෂණ පදාර්ථ සහිත අහාරයක්.දරුවන් බොහෝ දුරට කෑමට අකමැති වුනත් තවත් අහාර එක්ක මිශ්‍ර කරලා හරි දරුවාට තක්කාලි අහාරයට ගැනීමට සලස්වන්න.

8.විටමින් සී සහ බී අඩංගු ආහාර

විටමින් C පලතුරු වල බහුලව අඩංගු වෙනවා. මේ විටමින් C මානසික ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමට උපකාරී වෙනවා. වයස්ගත වීමත් සමඟ මොලය තුල ඇති වන විවිධ ආබාධ පාලනය කිරීමට විටමින් B උපකාර කරනවා.


එහෙනම් අද ඉදන් ඔයාලට කරන්න තියෙන්නෙත් ලේසියට නිකම්ම නිකන් අහාර දරුවාට අහාර ලබා දෙන්නෙ නැතුව ඔබගෙ දවසින් පොඩි කාලයක් කැප කරලා ඔබේ දරුවාට මේ විදියේ ගුණදායක අහාරයක් සකස් කරලා දෙන්න.මොකද ඒක දරුවාගේ අධ්‍යාපනය කටයුතු වලටද ගොඩක් වැදගත් වෙනවා.ඒක දරුවාගේ වගේම ඔබගේ ද අනාගතයට ගොඩක් සතුටක් ගෙන දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here