දරු පිළිසිද ගැනිමකින් පසු මාස 6 ක් යනකන් ඔබ මේ අහාර වර්ග 8 න් ඈත් වෙන්න.

0
38668

අද අපි කියන්න යන්නේ විවාහ වෙලා දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම දරුවෙකු පිළිසිඳ ගෙන මූලික අවදියෙ ඉන්න මවුවරුන්ටයි.ඔයාලා දන්නවනෙ අම්මා කෙනෙක් වෙන එක විවාහ වෙලා ඉන්න ගොඩක් කාන්තාවන්ට තියෙන සිහිනයක් කියලා. ඉතින් ඒ දේ වෙනුවෙන් සමහර කාන්තාවන් තමන්ගෙ අහාර රටාව වුනත් වෙනස් කර ගන්නවා.ඉතින් එහෙම කාන්තාවන්ට මේ කතාව ගොඩක් වැදගත් එකක් වෙවි,


දරුවෙකු බලාපොරොත්තු ඉදලා දරුවෙකු තම කුසට ආවම ගොඩක් කාන්තාවන් ගොඩක්  දේවල් කරන්නෙ හරිම සැලකිල්ලෙන්.මොකද කලළයක මුල් මාස කිහිපය යම් කිසි අවධානමක් තියෙන හින්දා. අපි අද කතා කරන්න යන්නෙ එහෙම මුල් මාස කිහිපය ඇතුළත ඔයාලා ගන්න ඕනේ නැත්තෙ මොන වගෙ අහාර ද කියලා.

1.අන්නාසි අහාරයට ගැනීමෙන් වළකින්න.


අහාරයට නොගත යුතු අහාර වල මුලින්ම තියෙන්නේ අන්නාසි.අන්නාසි කියන්නෙ ගොඩක් රසවත් අහාරයක් තමයි ඒත් ඔබ මතක තබා ගත යුතු කාරණයක් තමයි ඔබ ගැබ් ගෙනයි ඉන්නෙ කියලා, ඒ වගේම තමයි තමන් කොච්චර ආස වුනත් තවත් පුංචි පැටියෙක් තමන්ගෙන් පෝෂණය වෙන්වා කියලා,අන්නාසි කියන්නෙ ඔබගෙ දරු ගැබ නැති කරන්න පුලුවන් විදියෙ අහාරයක්, ඉතින් ඔයාත් මේ වෙද්දි අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න වගේම,දැනටමත් දරුවකු කුස තුල ඉන්න අම්මා කෙනෙක් නම් ඔබත් මේ අන්නාසි අහාරයට ගැනීමෙන් වලකින්න ඕනෙ.

2.ගස්ලබු අහාරයට ගැනීමෙන්  වළකින්න.


ගර්භනී සමයේදී ගස්ලබු ඔබෙන් ඈත් කර තබන්න පුළුවන් නම් වඩාත්  ආරක්ෂිත.මොකද  ගස්ලබු වල විටමින් C වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. ගැබ් ගැනීමෙන් මුල් මාස කිහිපයේ හොඳින් නොඉදුණු ගස්ලබු කිසි විටක අහාරයට ගන්න එපා. ඉදුණු ගස්ලබු වුවත් අහාරයට ගන්න ඕනෙ වෛද්‍ය උපදෙස් මත,මොකද අපි මුලින්ම හිතන්න ඕනේ  කලලයේ ආරක්ෂාව ගැන . ඔබත් දරුවකු බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ අහාරය ද ඔබෙන් ඈත් කර තබා ගන්න වග බලා ගන්න ඔනෙ වෙන්වා.

3.ඉස්සන් හා කකුළුවන් අනුභවයෙන් වලකින්න.


ඉස්සන්,කකුළුවන් කියන්නෙ කොහොමත් උෂ්ණත්වයෙන් අධික අහාර කියලා අම්මලා කියලා තියෙනනෙ. මේ අහාරයෙ අසාමාන්‍ය විදියට ප්‍රෝටීන වර්ග අඩංගු වෙලා තියෙනවා.ඒ ප්‍රෝටීන නිසා අසාත්මිකතා ඇති වීමට ඉඩකඩක් ඇත. ඒ අනුව බඩ බුරුල් වී යාම හෙවත් පාචන තත්ත්වය, හුස්ම ගැනීම අපහසු වීම වැනි තත්ත්වයන් ද ඇති වීමට පුළුවන්. ගැබිණි මවකට මෙවැන තත්ත්වයන් ඇති වීම එතරම්  හිතකර නැහැ. එනිසා ගැබිණි සමය අවසන්වන තුරු වගේම බිළිඳාට මව්කිරි දෙන සමයේදීත් මෙබඳු ආහාර වලින් වැළකී සිටිම තරමක් හොදයි. මෙවැනි ආහාර ගැබිණි මවක් ගත් පසු එහි ඇති අසාමාන්‍ය ප්‍රෝටීන වර්ග කුසේ හිඳින දරුවාගේ සිරුරට ඇතුළු වීම හේතුවෙන් දරුවා බිහි වූ පසු පසුකාලීනව හේතුවක් නැතිවම දරුවාට අසාත්මිකතා හට ගැනීමට ඉඩ කඩ පවතිනවා. එනිසා මෙබඳු ආගන්තුක ප්‍රෝටීන වර්ග සහිත ආහාර ගැබිණි මවකට කිසිසේත් සුදුසු වෙන්නෙ නැහැ.

4.බල මාළු කෑමෙන් ආසාත්මිකතා පිට දැමිය හැකියි


බල මාළු ඇතුලූ කළු පැහැති මාළුවල හිස්ටමින් සංයෝගය අධිකව අඩංගු වෙන්වා. මේවා නිසා ගැබිණි මව තුළ අසාත්මික රෝග තත්ත්ව ඇති විය හැකි වෙන්වා. සිරුර කැසීම, ඇඟ දැවිල්ල, පළු දැමීම, සිරුරේ උෂ්ණ ගතිය, හිස කැක්කුම වැනි අපහසුතා මින් ප්‍රධානම ඒවා වෙන්වා. එබැවින් ගැබිණි මව්වරුනට සුදුසු වන්නෙ සුදු පැහැති මාළු වරිග තමයි. ඉතිං ඔබත් සිටින්නෙ ගැබිනි සමයේ නම් ඔබත් මේ වගෙ අහාර ගැනීමෙන් වලකින්න ඕනේ

5.කෝමාරිකා අහාරයට ගැනීමෙන් හා පානය කිරීමෙන් වලකින්න.


අපේ සම ලස්සන කරන්න ගන්න තවත් එක දෙයක් තමයි මේ කෝමාරිකා කියන්නෙ.එත් ඔබ ගැබිනි කෙනෙක් නම් කෝමාරිකා ඔබට ඒ සමයේදී එතරම් හොද දෙයක් වෙන්නෙ නෑ.ඒකට හේතුව තමයි කෝමාරිකා වලට පුලුවන් ගැබිනි බව නැති කරන්න.ඔබත් මේ වන විට ගැබිනි සමය පසු කරමින් සිටින කාන්තාවක් නම් කෝමාරිකා පානයක් විදියට හෝ අහාරයක් විදියටවත් කිසිසේත් භාවිතයට ගැනීම නවත්වන්න.

6.මුරුංගා අහාරයට ගැනීමෙන් වලකින්න

මේ ගැබිනි සමයේදී මුරුංගා කරල්, කොල, මල් අහාරයට ගන්න එක එතරම් හොද නම් නෑ.ගැබිනි සමයේ විතරක් නෙවෙයි දරුවෙකු අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් එත් ඔබට මේ මුරුංගා අහාරයට ගැනීම නුවණට හුරු කාරණයක් නෙමෙයි.මුරුංගා වල විටමින් A, C,පොටෑසියම්,කැල්සියම් හා යකඩ අඩංගු වෙලා තියෙනවා තමයි ඒ වගේම ඔබෙන් ඔබේ ගැබිනි බව ඈත් කරන්නත් මේ මුරුංගා වලට හොද හැකියාවක් තියෙනවා.

7.කෝපි භාවිතයෙන් මිදෙන්න.


කෝපි ආහාර ලබා ගැනීම සිමා කල යුතුම වෙන්වා,මොකද කෝපි වල කැෆේන් අඩංගු වෙන හින්දා,ඔබට අවශ්‍ය නම් කෝපි වෙනුවට ග්‍රීන් ටි හෝ ඉගුරු සහිත තේ පානය කරන්න පුලුවන්. හැබිනි ඔයාට තිබහක් දැනුනොත් කරන්න තියෙන්නේ ගෙදර තියෙන පළතුරක් භාවිතා කරලා බීම එකක්

හදාගන්න එක.මොකද කෝපි වගේ පානයක කරනවට වඩා පළතුරු බීම එකක් බොන එක ගැබිනි ඔයාට ගොඩක් හොදයි. වැඩිපුර කැෆේන් භාවිතය ගබ්සා වීම් සදහා හේතු වෙන්න පුලුවන්. කාබන් ඩයොක්සයිඩ් යෙදු (බුබුළු නගින), පැණි බීම වර්ග භාවිතයේදී එහි කැෆෙන් ඇතිදැයි සොයා බලා එය භාවිතයට ගන්න මොකද ඔබ ගන්නා අහාරය ඔබේ දරුවාටද බලපානවනෙ. ඔබත් ගැබිනි කාන්තාවක් නම් එහෙමත් නැත්නම් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් අදම මෙවැනි අහාරයගෙන් වැලකී සිටින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here