නව කොරෝනාවෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

0
1094

In response to comments by our readers on our Facebook page about the types of COVID19 outbreaks, we decided to provide a scientific explanation based on the findings of the new coronavirus. It is important to be aware of the true background as false news is circulating at a time when all are thought to be journalists.

Before we look at how long a virus can live on a surface, let’s first look at how a virus works.

The function of a virus

Viruses do not have enough enzymes to reproduce chemical reactions. So they need a host cell of bacteria, fungi, plants or animals, humans and so on. It is with the help of this host that the virus multiplies. It is beneficial for the virus but can be fatal to the host. In other words, viruses are microscopic parasites.

Without a host cell, a virus cannot survive for long. However, it has a short time to live until it infects a new host.

When outside the host, a virus can be divided into two forms.

1) It may remain unchanged or infected. Or;

2) It may just have a detectable level. That means; It has enough genetic material to detect it but is no longer able to interact with host cells.

Diamond Princess was diagnosed with the new Coronavirus in 2 ways. For 17 days the virus RNA (ribonucleic acid/virus carrying genetic information) remained on the inner surface of the vessel. However, only RNA (without the outer parts of the virus) cannot be infected with another.

Neonatal coronavirus and life on surfaces

Although we use the word “corona” extensively, it is a close relative of the SARS-CoV-1 virus that caused the SARS tragedy in 2003. Accordingly, the true name of the new coronavirus is SARS-CoV-2. (Also called 2019-nCoV.) COVID-19 is the name of the disease caused by the virus.

According to the available data, the virus cannot survive independently on surfaces for long periods of time, spreading in both warm and cold environments and not spreading through mosquitoes. By surface, time is as follows.

Copper (eg coins, kettles, garden items)

  • 4 hours

Aluminum (eg soda cans, tinfoils, water bottles)

  • 2 to 8 hours

Stainless Steel

  • 2 to 3 days

Other metals (eg doorknobs, jewelry, silverware)

  • 5 days

Timber (eg furniture)

  • 4 days

Plastics (eg milk containers and detergent bottles, bus seats, bags, lift buttons)

  • 2 to 3 days

Cardboard (eg packing boxes)

  • 24 hours

Glass (eg glass cups, mirrors, windows)

  • Up to 5 days

Ceramics (eg:- dishes, cups)

  • 5 days

paper

  • From a few minutes to 5 days

In addition, no new coronavirus has been reported in cooked foods and tap water.

Here are the answers to the questions you can ask about the SARS-CoV-2 virus, which affects COVID-19.

Can a single virus particle cause disease?

  • Various viruses have their own size. Some are up to 10, while others can be millions. No single particle can be so affected.

How is SARS-CoV-2 more infected?

  • A cough of an infected virus can spread on a surface. If a healthy person catches it, does not touch it, and touches the eye/nose/mouth before it becomes inactive, it takes on the body. As has been reported, more spreads are coming from the surface than near.

Can you bring home the goods?

  • If the mail arrives, the packaged person is infected, and you receive it a few weeks later, the virus may have malfunctioned. But if the postman is infected, you can also get infected. It is best to discard the packaging, wash your hands with disinfectants and avoid contact with the face.

Can the COVID-19 virus be removed from the body by drinking water every 15 minutes?

  • No new coronavirus has been found to remove excess water. However, WHO recommends drinking plenty of water to prevent dehydration as a good health habit.

Can COVID-19 be avoided by spices, spices, white onions, limes, and turmeric?

  • No such thing has been scientifically discovered.

Will the new coronavirus die from hot water baths, UV bulbs, and sunlight?

  • There is no scientific evidence that the new coronavirus virus is dead.

Is it only for the elderly?

  • COVID-19 can be infected by anyone of any age.

Sources that have not been published by the government of the leading healthcare sectors, such as forwarded messages from the WhatsApp Group, have been telling you various stories to get attention through social media.

Because they move so much faster than a virus, sharing it can sometimes be as dangerous as promoting murder. Therefore, please do not do so.



COVID19 පැතිරෙන ආකාර මොනවාද යන්න පිළිබඳව අපගේ පාඨකයන් අපේ ෆේස්බුක් පිටුවේ තැබූ Commentවලට පිළිතුරක් වශයෙන්, නව කොරෝනාවෛරසය ගැන දැනට සොයාගෙන ඇති කරුණු අනුව විද්‍යාත්මක පහදා දීමක් කරන්නට අපි තීරණය කළෙමු. සියල්ලෝම මාධ්‍යවේදීන්යැ යි සිතාගෙන ඉන්නා සමයක, බොරු ප්‍රවෘත්ති ඉතා වේගයෙන් සංසරණය වන බැවින් සත්‍ය පසුබිම ගැන දැනුවත්ව සිටීම වැදගත් ය.

වෛරසයකට පෘෂ්ඨයක් මත කොපමණ කාලයක් ජීවත් විය හැකිදැ යි සොයා බැලීමට පෙර, වෛරසයක් ක්‍රියා කරන ආකාරය ගැන අපි පළමුව අවධානය යොමු කරමු.

වෛරසයක ක්‍රියාකාරීත්වය

ප්‍රජනනය සඳහා අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියා ඇති කිරීමට තරම් එන්සයිම, වෛරසවලට නොමැත. එබැවින් ඒවාට බැක්ටීරියා, දිලීර, ශාක හෝ සතුන්, මිනිසුන් ආදීන්ගේ, ධාරක සෛලයක් අවශ්‍ය වේ. වෛරසය ගුණනය වන්නේ මේ ධාරකයාගේ උපකාරයෙනි. එය වෛරසයට වාසිදායක නමුත් ධාරකයාට මාරාන්තික විය හැක. තවත් ආකාරයකින් කිවහොත්, වෛරස යනු අන්වීක්ෂීය පරපෝෂිතයන් ය.

ධාරක සෛලය නොමැතිව වෛරසයකට දිගුකාලීනව පැවතිය නොහැක. කෙසේ වෙතත්, එය නව ධාරකයකට ආසාදනය වන තෙක් ජීවත් විය හැකි කෙටි කාලයක් ඊට තිබේ.

ධාරකයෙන් පිටත තිබිය දී වෛරසයක් ආකාර දෙකකට බෙදිය හැකිය. 

1) එය නොවෙනස්ව පවතී හෝ ආසාදිතව පැවතිය හැකිය. නැතහොත්; 

2) එය හුදෙක් හඳුනාගත හැකි මට්ටමේ තිබිය හැක. එයින් අදහස් කරන්නේ; එය හඳුනාගැනීමට ප්‍රමාණවත් තරම් ජානමය ද්‍රව්‍ය ඇති නමුත්, ධාරක සෛල සමග සම්බන්ධ වීමට තවදුරටත් හැකියාවක් නොමැති බව යි.

ඩයමන්ඩ් ප්‍රින්සස් (Diamond Princess) නෞකාවේ නව කොරෝනා වෛරසය තිබූ බව හඳුනාගත්තේ ඉහත 2 වන ආකාරයෙනි. දින 17ක් වෛරසයේ RNA (රයිබෝනියුක්ලෙයික් අම්ලය/ වෛරසයේ ජානමය තොරතුරු ගෙන යන ව්‍යුහ) නොනැසී නෞකාවේ අභ්‍යන්තර පෘෂ්ඨයන්හි තිබුණි. කෙසේ වෙතත්, හුදෙක් RNAවලට පමණක් (වෛරසයේ බාහිර කොටස් නොමැතිව) තවකෙකුට ආසාදනය විය නොහැකි ය.

නව කොරෝනාවෛරසය සහ පෘෂ්ඨ මත ජීව කාලය

“කොරෝනා” යන වචනය අපි බහුලව පාවිච්චි කළත්, එය ‍2003 දී සාර්ස් ඛේදවාචකයට තුඩුදුන් SARS-CoV-1 නමැති වෛරසයේ ළඟම ඥාතියෙකි. ඒ අනුව, නව කොරෝනාවෛරසයේ සැබෑ නම SARS-CoV-2 වේ. (2019-nCoV ලෙස ද හඳුන්වනු ලැබේ.) COVID-19 යනු, එම වෛරසය නිසා ඇති වන රෝගයේ නම යි.

දැනට ඇති දත්ත අනුව උණුසුම් මෙන්ම ශීත පරිසරවල ද එක සේ පැතිරෙන, මදුරුවන් හරහා නොපැතිරෙන, මෙම වෛරසයට දිගු කාලයක් පෘෂ්ඨ මත ස්වාධීනව ජීවත් විය නොහැකි ය. පෘෂ්ඨය අනුව කාලය පහත පරිදි වේ.

  • තඹ (උදා: කාසි, කේතල, උයන භාණ්ඩ)
    • පැය 4 යි
  • ඇලුමිනියම් (උදා: සෝඩා කෑන්, ටින්ෆොයිල්, වතුර බෝතල්)
    • පැය 2 සිට 8ක් දක්වා
  • මල නොබැ‍ඳ‍ෙන වානේ (උදා: ශීතකරණ, භාජන සහ බඳුන්, බේසම, වතුර බෝතල්)
    • දින 2 සිට 3ක් දක්වා
  • අනෙකුත් ලෝහ (උදා: දොර අල්ලු, ස්වර්ණාභරණ, රිදී භාණ්ඩ)
    • දින 5 යි
  • දැව (උදා: ගෘහ භාණ්ඩ)
    • දින 4 යි
  • ප්ලාස්ටික් (උදා: කිරි බහාලුම් සහ ඩිටර්ජන්ට් බෝතල්, බස් ආසන, බෑග්, විදුලි සෝපාන බොත්තම්)
    • දින 2 සිට 3ක් දක්වා
  • කාඩ්බෝඩ් (උදා: ඇසුරුම් පෙට්ටි)
    • පැය 24 යි
  • වීදුරු (උදා: වීදුරු කෝප්ප, දර්පන, ජනෙල්)
    • දින 5ක් දක්වා
  • පිඟන් මැටි (උදා: පිඟන්, කෝප්ප)
    • දින 5 යි
  • කඩදාසි
    • මිනිත්තු කිහිපයක සිට දින 5 ක් දක්වා

මීට අමතරව, පිසගත් ආහාරවල සහ නල ජලයෙහි නව කොරෝනාවෛරසය රැ‍ඳ‍ෙන බවට වාර්තා වී නොමැත.

හිතට වධ දෙන ප්‍රශ්න

COVID-19 රෝගය සඳහා බලපාන SARS-CoV-2 වෛරසය සම්බන්ධව ඔබට නිරන්තරයෙන් නැඟිය හැකි ප්‍රශ්න සඳහා පිළිතුරු මෙසේ යි.

  • තනි වෛරස අංශුවකින් රෝග වැළඳිය හැකි ද?
    • විවිධ වෛරසවලට ඒවා ශරීර ගත විය යුතු ප්‍රමාණ තිබේ. ඇතැම් ඒවායේ 10ක් පමණ වන අතර, තවත් ඒවා මිලියන ගණනක් විය හැක. තනි අංශුවකට එතරම් බලපෑම් කළ නොහැක.
  • SARS-CoV-2 වැඩිපුර ආසාදනය වන්නේ කෙසේ ද?
    • ආසාදිතයකුගේ කැස්සකින් පෘෂ්ඨයක් මත වෛරස පතිත විය හැකියි. එය අක්‍රීය වන්නට පෙර නීරෝගී කෙනෙක් එය අල්ලා, අත නොසෝදා, ඇස/නාසය/මුඛය ස්පර්ශ කළහොත් එය ශරීර ගත වේ. දැනට වාර්තා වී ඇති ආකාරයට වැඩිපුර පැතිරෙන්නේ ළඟ සිටීමට වඩා පෘෂ්ඨ මඟිනි.
  • නිවසට ගෙන එන භාණ්ඩවලින් වැළඳිය හැකි ද?
    • තැපෑලෙන් ලැබුණු යමක, අසුරන ලද පුද්ගලයා ආසාදිතයෙක් නම්, සති කිහිපයකට පසු ඔබට එය ලැබෙද්දී වෛරසය අක්‍රීය වී තිබිය හැක. එහෙත් තැපැල්කරු ආසාදිතයෙක් නම්, ඔබට ද වැළඳිය හැකියි. හොඳම දේ, අසුරන ඉවතලා, විෂබීජනාශක යොදා අත් සෝදාගැනීම හා මුහුණ ස්පර්ශයෙන් වැළකීම යි.
  • සෑම විනාඩි 15කටම වරක් ජලය පානය කිරීමෙන් COVID-19 වෛරසය දේහයෙන් ඉවත් කළ හැකි ද?
    • වැඩිපුර ජලය පානයෙන් නව කෙරෝනාවෛරසය ඉවත් කළ හැකි බවට සොයා ගෙන නොමැත. එනමුත්, හොඳ සෞඛ්‍ය පුරුද්දක් වශයෙන් විජලනය වළක්වා ගැනීමට ජලය පානය කරන ලෙස WHO නිර්දේශ කරයි.
  • රසම්, කුළුබඩු, සුදු ළූණු, දෙහි, සහ කහවලින් COVID-19 වැළැක්විය හැකි ද?
    • එවැන්නක් විද්‍යාත්මකව සොයාගෙන නොමැත.
  • උණු ජලය ස්නානයෙන්, UV බල්බවලින්, සහ හිරු එළියෙන් නව කොරෝනාවෛරසය නැසෙනවා ද?
    • ඒවායෙන් නව කොරෝනාවෛරසය නැසෙන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත.
  • වැළ‍ඳ‍ෙන්නේ වයස්ගත අයට පමණ ද?
    • ඕනෑම වයසක කෙනෙක්ට COVID-19 ආසාදනය විය හැක.

සමාජ මාධ්‍ය හරහා අවධානය අපේක්ෂාවෙන් විවිධ අය කරන ප්‍රකාශ, WhatsApp Groupවලින් ලැබෙන Forward කළ පණිවිඩ වැනි රජය හෝ ‍වගකිව යුතු සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කර නොමැති මූලාශ්‍ර ඔබට විවිධ කතා කියා තිබෙනවා විය හැක. 

වෛරසයටත් වඩා වේගයෙන් ඒවා ගමන් කරන බැවින්, එවැන්නක් ඔබ Share කරනවා නම් ඇතැම් විට එය මිනීමැරුමකට උල්පන්දම් දීමක් තරම් භයානක ප්‍රතිඵල ගෙන දිය හැකියි. එනිසා, කරුණාකර එසේ කිරීමෙන් වළකින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here