නිසරු බව නැති කර කාම ශක්තිය වැඩි කරන සුපිරිම අහාර වර්ග.

0
881

අපී හැමෝම ගොඩාක්ම හිතන ඒත් සමාජයේ රහසක් විදියට තියන් ඉන්න දෙයක් තමා අපේ ලිංගික ජීවිතය කියන්නේ.  අපේ මනස සැහැල්ලු කරගන්න වගේම ශරීරය සෞඛ්‍යය සම්පන්නව තියාගන්නත් අපේ ලිංගික ජිවිතය ගොඩාක් වැදගත් වෙනවා.. ඒ වගේම අපී හැමොම කැමති ප්‍රශ්නවලින් තොර ලිංගික ජීවිතයක් පවත්වාගෙන යන්න..  බැරිවෙලාවත් අපේ ලිංගික ජිවිතය තුල ප්‍රශ්න ඇති උනොත් , ඒක අපේ ලිංගික ජීවිතය විතරක් නෙමෙයි අපේ මුලු  පව්ල් ජිවිතයම අව්ල් කරනවා..නිරෝගිමත් ලිංගික ජිවිතයක් අපේ පව්ල් ජිවිතය ශක්තිමත් කරනවා වගෙම ආදරනීය කරනවා.

ඉතින් දැන් මම කියන්න යන්නෙ ලිංගික ජීවිතයේ ප්‍රශ්න ඇති කරන,බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වේලා තියන  නිසරු බව හා ලිංගික බෙල හීන තාවය අවම කරන කාම ශක්තිය වැඩි කරන ඉතාමත් ශක්තී ජනක අහාර කිහිපයක් ගැනයි..කාන්තා පිරිමි දෙපාර්ශවයේම ලිංගික ශක්තිය වර්ධනය කරන මේ ආහාර ඔබේ ලිංගික ජීවිතයත් ප්‍රීතිමත් එකක් කරන්න අනිවාර්යෙන් උදවු වෙයි.

1 උක්

උක් කියන්නේ ආයුර්වේදයට නම් නැතිවම බැරි වටිනා ඖෂධයක්. ඒ වගේම රසවත් පළතුරක් විදියටත් හඳුන්වන්න පුලුවන් . කාම ශක්තිය වර්ධනය කිරීමේ ඉතා ඉහල හැකියාවක් උක් වලට තියෙනවා. ඒ මඟින් ශරීරයේ ධාතු වර්ධනය කරවන අතරම ශරීරයට ශක්තිය ලබා දෙන්නත් හැකියාව තියෙනවා. ශරිරයේ වර්ධනයටත් ඉවහල් වෙනවා. කාන්තාවන්ගේ ස්වේත ප්‍රදර, රක්ත ප්‍රදර වලට ඉතා හිතකර වන අතරම පුරුෂ පාර්ශවයේ ශුක්‍රානු වර්ධනය කරන්නත් හැකියාව උක් වලට තියෙනවා.

මේ දේවල් වලට අමතරව පිත අවම කරන්නත් කැස්ස, ඇදුම,පීනස ඇතුළු සෙම් රෝග සඳහාත් අදවත් රෝග අවම කරන්නත්, මානසික පීඩන තත්ත්වයන් වලින් සහනය දෙන්නත් පුළුවන්.

2 රට ඉඳි 

රට ඉඳි කියන්නේ අතිශය පෝෂ්‍යදායි ආහාරයක්. ඒ වගේම ඕනම කෙනෙක් හරි කැමැත්තෙන් කන පළතුරක්. ශරීරය කෙට්ටු අයට මහත් වෙන්න තියෙන හොඳම විසඳුමක්. දිනපතා රට ඉඳි ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් ශරීරය පෘෂ්ටිමත් කර ගන්න පුළුවන්. රට ඉඳි කියන්නේ ඊටත් වඩා ලිංගික ක්‍රියාකාරකම් ඉහල නංවන්න පුළුවන් ආහාරයක්. ශුක්‍ර ධාතු වර්ධනය කරන්නත්, ස්නායු දුර්වලතා මඟ හරවමින් ශක්තිය ලබා දෙන්නත් රට ඉඳි වලට පුළුවන් කියලා තමයි කියන්නේ. 

3 අනෝදා 

අනෝදා එහෙමත් නැත්තම් අපි කටු ආත්තා කියලා කියන්නේ.. අනොදත් ලිංගික ශක්තිය වර්ධනය කරන්න පුළුවන් පළතුරක් විදියට හඳුන්වනවා. සිරුරේ උෂ්ණය අධික නම් අනෝදා යුෂ පානය කිසිම මඟින් උෂ්ණත්වය අවම කර ගන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යාම වැනි උෂ්ණාධික රෝගී තත්ත්වයන්ට හොඳ ඖෂධයක් තමයි අනෝදා.

ශරීරයේ විඩාබර බව නිවමින් ධාතු වර්ධනය කරන්නත් සිරුර පෘෂ්ටිමත් කරන්නත් අනෝදා වල ඇති පෝෂ්‍ය පදාර්තයන්ට හැකියාව තියෙනවා. 

මේ ආහාර වලින් ඔබේ ලිංගික ක්‍රියාකාරකම් ඉහළ නංවා ගන්න හැකියාව තියෙනවා. ලිංගික ජීවිතය තෘප්තිමත් කියන්නේ ඔබ දෙදෙනා තුල නිසරු බව සම්බන්ධ ගැටළු නැහැ කියන එක. මේ ආහාර වර්ග එදිනෙදා ආහාරයට එක කර ගැනීමෙන් ලිංගිකත්වය සම්බන්ධයෙන් තියෙන බොහොමයක් ගැටළු වලට පිළියම් හොයා ගන්න පුළුවන්.  

මේ ආහාර වලට අමතරව ඔලිව් තෙල්, රතු වයින්, සුදුළූණු, රතුළූණු, උම්බලකඩ, ඉඟුරු වගේම ඇපල්, දෙළුම්, පැණි කොමඩු වගේ පලතුරුත් නිසරු බව අවම කරන්න වගේම කාම ශක්තිය වර්ධනය කරන්නත් උදවු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here