පියයුරු පිළිකාවක් හැදෙන්න කලින් මතු වන ලක්ෂණ මෙන්න

0
53397

බෝ නොවන රෝගී කාණ්ඩයේ තවත් එක් රෝගයක් වන කාන්තාවන් බොහෝ විට පීඩාවට පත් වන රෝගයක් තමයි මේ පියයුරු පිළිකාවක් කියලා කියන්නේ.ඉතිං අද අපි ඊතලය නාලිකාවෙන් ඔයාලට ගෙනාවේ මෙන්න මේ පියයුරු පිළිකාවක් ඔබේ ජීවිතේට බලපාන්නේ මොන අයුරින් ද කියලා ඔයාලව දැනුවත් කරන්නයි

ඇත්තෙන්ම පියයුරු කියලා කියන්නේ කානතාවනේ ශරීරයට හරි අපූරු හැඩයක් ගෙන දෙන අංගයක් කිවුවොත් නිවැරැදි.ඒ කියන්නේ කාන්තාවකගේ ශරීරයේ ඉහළ කොටසේ ඉදිරියට නෙරා ඇති මෘදු අවයවයක්. කාන්තාවකගේ ශරීරයේ තිබෙන අත්‍යවශ්‍යම අංගයක් වන මෙම පියයුරු දරු ප්‍රසූතියකින් පසු ව කිරි ශ්‍රාවය කිරීම සඳහා බෙහෙවින්ම උපකාරී වෙනවා.ඒ වගේ ම තමයි කාන්තාවන්ගේ වයස අවුරුදු 35 සපිරීමත් සමඟ මෙම පියයුරු පිළිකා වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ. ඉතින් ඔබත් මෙම වයස පසු කරමින් සිටින කාන්තාවක් නම් මේ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කිරීම ඔබටත් ගොඩක් සුදුසුයි.මොකද මේ පිලිබඳව දැනුවත් වීම ඔබට වගේම ඔබේ හිතවතියකට වුනත් බෙහෙවින් උපකාරි වෙයි.

මෙවැනි පියයුරු පිලිකා ආරම්භ වෙන්නේ පියයුරු වල සෛල පාලනයකින් තොරව වර්ධනය වීමට පටන් ගැනීමත් සමගයි.ඉතින් මේ සෛල සාමාන්‍යයෙන් ගෙඩියක් හෝ කුඩා ගැටිති වැනි දෙයක් නිර්මාණය කරනවා. මෙම සෛල වර්ධනය වෙන එක අපේ පියවි ඇසින් නම් බලාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝවිට එක්ස්- රේ කිරණ මගින් මෙම වර්ධනය වන පිළිකා සෛල අපට බලාගන්න පුළුවන්. මෙම පිළිකා සෛල ඔබේ ශරීරයේ පටක ආක්‍රමණය කිරීමෙන් තමයි පිළිකාව ඔබේ ශරීරයේ වර්ධනය වෙන්නේ.

මෙම පිළිකා තත්වය ශරීරයේ අනෙකුත් ප්‍රදේශ වලට පැතිරීම සිදු වුනොත් මේ පිළිකා තත්වය වඩාත් මාරාන්තික තත්ත්වයකට පත් වෙන්නත් පුලුවන්. කිසියම් රෝග ලක්ෂණයක් ඔබට බාහිරින් පෙන්නුම් කිරීමට පෙර පියයුරු පිළිකාව එහි මුල් අවදියේදීම සොයා ගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම තමයි සුදුසුම ක්‍රමය වෙන්නේ.

ඒ වගේම වේදනාවකින් තොර මෙවැනි ගැටිති හෝ කිසියම් හඳුනාගත නො හැකි වර්ධනයක් පියයුරු තුළ දක්නට ලැබේ නම් ඔබ වහාම වෛද්‍යවරයකු මුණ ගැසීමට යා යුතුම කරුණක් වෙනවා. ඉතින් කාන්තාවක් වශයෙන් ඔබ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් සුදුසු වෙන නිසා.
අපට සාමාන්‍යයෙන් පියයුරු පිළිකා වර්ග කිහිපයක්ම හඳුනාගන්න පුළුවන්. විවිධ වර්ගයේ පියයුරු පිළිකා සමග විවිධාකාර රෝග ලක්ෂණ තමයිමතු වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් කිරි නල වල ඇතිවන “ඩක්ටල්” නමින් හඳුන්වන ආක්‍රමණශීලී පිළිකාව ඔබට දැකිය  හැකි වන අයුරින් පැහැදිලි පියයුරු ගැටිත්තක් නිර්මාණය කරනවා. කිරි නිපදවන ග්‍රන්ථි වල ඇතිවන “ලොබියුලර්” නමින් හඳුන්වන පිළිකාව මගින් පියයුරු වල ඝන වීමේ ස්වභාවයක්  ඇති කරනවා.

ඒ විතරක් නෙමේ, පියයුරු පිලිකා වල රෝග ලක්ෂණ පුද්ගලයන්ගෙන් කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙනවා. පියයුරු පිළිකා පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා අතරට මෙවැනි  ලක්ෂණත් ඇතුළත් වෙනවා. ඒ ලක්ෂණ තමයි,

1.පියයුරු වල ඉදිමීම , රතු පැහැයක් ගැනීම හෝ වෙනත් දෘශ්‍යමාන වෙනස්කම් සමේ ඇති වීම.

2.පියයුරු වල ප්‍රමාණය වැඩි වීම හෝ ඒවායේ සාමාන්‍ය  හැඩය වෙනස් වීම.

3.තන පුඩු වල සාමාන්‍ය පෙනුම වෙනස් වීම.
පියයුරු වල වේදනාවක් ඇතිවීම.

4.පියයුරු මත හෝ ඇතුළත කුඩා ගැටිති ඇති වීම.පියයුරු වල කැසීමක් ඇති වීම.

5.ඔබේ පියයුරු වල පවතින සාමාන්‍ය වර්ණය වෙනස් වීම.

6.දැඩි මෘදු මොළොක් හෝ උණුසුම් වැනි ස්පර්ශයේ වෙනස් වීම් ඇතිවීම.

7.පියයුරු වල ඝනවීමක් සිදුවීම

පියයුරු සමෙහි තැඹිලි හෝ රතු වැනි වර්ණයක් ඇති වීම වගේ මෙවැනි  පිටතින් අපට දැක ගන්නට පුළුවන් රෝග ලක්ෂණ පිළිකා නොවන වෙනත් හේතු නිසා ද ඇතිවිය හැකි බව ද ඔබ හොඳින් මතක තබා ගන්න ඕනේ කාරණයක්.

උදාහරණයක් විදිහට අපි හිතමු පියයුරු සමෙහි ඇති වන ඇතැම් කැසීම සහ වර්ණයෙහි වෙනස් වීම් සමේ රෝගයක් හේතුවෙන් ද ඇතිවිය හැකි අතර ඉදිමුණු වසා ගැටිති පියයුරු පිලිකා  ආසාදනය වීමකින් තොරව වෙනත් හේතුවක් නිසාද ඇතිවෙන්නට පුළුවන්.

ඉතින් මෙවැනි තත්ත්වයන් ඇති වීම පියයුරු පිළිකාවක් නිසා ද නැතහොත් වෙන යම් රෝගී ලක්ෂණයක් නිසා ද යන්න පිළිබඳව ඔබට සැක දුරු කර ගන්න නම් ඔබට තියෙන එකම විසදුම තමයි වෛද්‍යවරයෙකු හමුවට ගිහිල්ලා මේ පිලිබඳ දැනුවත් වීම.

හරි යාලුවනේ දැන් අපි ඊළඟට බලමු මේ ආක්‍රමණශීලී පියයුරු පිළිකා වල දැකගන්න පුළුවන් තවත් ලක්ෂණ මොනවද කියලා.

මෙහිදී කලින් අපි කිව්ව ලක්ෂණ වලට අමතරව විශේෂිත ලක්ෂණ කිහිපයක් හදුනගන්න පුළුවන් වෙනවා.

ඒ තමයි,

1.පියයුරු වල කිසියම් බර ගතියක් ඇති වීම.

2.පියයුරු සම්පූර්ණයෙන් හෝ කොටසක් 
    පමණක් ඉදිමීම.

3.පියයුරු සම අඳුරු පැහැති වීම.

4.පියයුරු හෝ තනපුඩු වල ඇති වන වේදනාව.
5.තන පුඩු ඇතුළට හැරීම

6.තන පුඩුව හෝ පියයුරු වල කොරපොතු වැනි 
   ස්වභාවයක් ඇතිවීම

7.තන පුඩු ඉලිප්පීම පැවතීම

8.පියයුරු වල යට ගැටිති හෝ වසා ගැටිති      
    ඉදිමීම යන්නයි.

ඒ විතරක් නෙවෙයි යාලුවනේ ඔයාලා දන්නවද තවත් පියයුරු පිළිකා වර්ග බොහොමයක් තියෙනවා. ඒ අතරට

දිවිත්ව පිලිකා රෝග ලක්ෂණ ඇති කරන පියයුරු පිළිකාවද අයත් වෙනවා.මෙවැනි පියයුරු පිළිකා තත්වයක දී කිසියම් හෝ රෝග ලක්ෂණයක් පිටතට පෙන්නුම් කරන්නේ නැති තරම්. කලාතුරකින් කාන්තාවකගේ පියයුරෙහි ගැටිත්තක් හෝ තන පුඩු ඉලිප්පීමක්  සිදු වීමට ඉඩ තියෙනවා.

තවත් පිලිකා රෝග ලක්ෂණයක් තමයි මේ  ලොබියුලර් පිළිකා තත්වය කියන්නේ.
එහිදී කිරි නිපදවන ග්‍රන්ථි වල ඇතිවන පියයුරු පිළිකාවෙන්ද රෝග ලක්ෂණ පිටතට පෙන්වීමක් සිදු කරන්නේ නැහැ.මෙවැනි පිළිකා තත්ත්වයක් සාමාන්‍යයෙන් හඳුනා ගැනීමට හැකි වන්නේ වෛද්‍යවරයෙකු හමු වී සිදු කරන පරීක්ෂණයකින් පමණි.

මෙවැනි පිළිකා තත්වයකදි අන්වීක්ෂයකින් බැලූ විට පියයුරෙහි සෛල අසාමාන්‍ය ලෙස පවතින ආකාරය අපට පැහැදිලිව බලා ගන්නට පුළුවන්.
දැවීමක් ඇතිකරන පියයුරු පිළිකා කියන්නේ අපි ඔබට සඳහන් කළ අනෙකුත් පියයුරු පිළිකා මෙන් නොව පියයුරු තුළ දැවෙන සුළු තත්ත්වයක් ඇති කරන මෙවැනි පිළිකා පියයුරු වල පැහැදිලි ගැටිති නම් ඇති කරන්නේ නැහැ.

මෙම හේතුව නිසාවෙන් පියයුරු ස්වයං පරීක්ෂණයකින් හෝ සායනයකින් හෝ මෙමෝග්‍රෑම් යන්ත්‍රයකින් පවා මෙවැනි පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීමට අපහසු වෙනවා. කෙසේ වෙතත් මෙවැනි පිළිකා තත්වයකදි පියයුරු සමෙහි පිටතින් ඇතිවන වෙනස්කම් නම් ඔබට පියවි ඇසින් දැක බලා ගන්න පුළුවන්.

මෙවැනි පිළිකා තත්වයක දී රෝග ලක්ෂණ පැහැදිලිව හඳුනාගත නොහැකි වුණත් මෙම රෝග ලක්ෂණ වර්ධනය වීම නම් බොහෝ සෙයින් වේගවත් වෙනවා. එම නිසා මෙම පිළිකාව  ශරීරය තුළ ඉක්මනින් පැතිරීම සිදු වෙනවා. එම නිසා ඔබේ පියයුරු සමෙහි ඇතිවන හදිසි වෙනස්වීම් පිළිබඳව වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත යොමු කිරීම වඩාත් සුදුසු වෙනවා

ගර්භනී හෝ මව්කිරි දෙන කාන්තාවන්ට පියයුරු වල ඇතිවන රතු පැහැති වීම , ඉදිමීම , කැසීම වැනි තත්ත්වයන් අසාමාන්‍ය ලෙස ඉක්මනින් වර්ධනය වීමේ ස්වභාවයක් දැක ගන්නට පුළුවන් නම් ඔබ පියයුරු පිළිකා පරීක්ෂණයක් සිදු කර ගැනීම වඩාත් සුදුසු වෙනවා.

ඔබ දැන සිටියාද?
කාන්තාවන් මෙන්ම පිරිමි පාර්ශ්වයටත් මෙම තත්වයට ගොදුරු වෙන්න ඇත් ඉඩකඩ පිලිබඳව.
පිරිමි පියයුරු පිලිකා ගැන කතා කලොත්, බොහෝමයක් දෙනෙක් නොදන්න කාරණාවක් තමයි මෙම පියයුරු පිළිකාවන් කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශ්වයටද මුහුණ දීමට සිදුවන රෝගී තත්ත්වයක් කියලා. මෙම පිරිමි පියයුරු පිළිකා වලදීද සාමාන්‍ය පියයුරු පිලිකා වලදී දැකිය හැකි රෝග ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ.
පාරදෘශ්‍ය පියයුරු පිළිකා කියන පිලිකා වර්ගයේ රෝග ලක්ෂණ රඳා පවතින්නේ පිළිකාව පැතිරී ඇති ශරීරයේ අදාල කොටස සහ එහි අවදිය මත ය. ඇතැම් අවස්ථාවලදී  මේ පාරදෘශ්‍ය පියයුරු පිළිකාව කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ.
පිළිකාව පියයුරු හෝ පපුවේ බිත්තියට බලපෑමක් ඇති වුවහොත් පමණක් රෝග ලක්ෂණ අතර වේදනාව , තනපුඩු විසර්ජනය , පියයුරු හෝ යටි පතුලෙහි ගැටිත්තක් ඝන වීමක් වැනි ලක්ෂණයන් දැක ගන්නට පුළුවන්.
මෙවැනි පිළිකාවක් පියයුරු වලට අමතරව අස්ථි , අක්මාව , මොළය , කොදුඇට පේලියටද බලපෑමක් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා.
මෙමගින් පිළිකාව මගින් අස්ථි වලට බලපෑමක් ඇති වුවහොත් අධික කැල්සියම් මට්ටම හේතුවෙන්  පියයුරු වල වේදනාව , අස්ථි බිඳීම්  හෝ මල බද්ධය වැනි රෝග ලක්ෂණයන් දැක ගන්නට පුලුවන් වෙනවා.
පෙනහලු වල ගෙඩි හට ගන්නේ නම් මෙම රෝග ලක්ෂණ වලට අමතරව හුස්ම හිරවීම , හුස්ම ගැනීමේ අපහසුතා , කැස්ස , පපුවේ වේදනාව සහ අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණයන් ඇතුළත් වෙන්නට පුළුවන්.

ඒ වගේම තමයි පිළිකාව අක්මාවට බලපෑමක් සිදු කරනවා නම් ඔක්කාරය , අධික තෙහෙට්ටුව , උදරයේ වට ප්‍රමාණය වැඩිවීම , තරල  එකතු වීම නිසා පාද හා අත් ඉදිමීම සහ සමේ කහ පැහැයක් ඇතිවීම හෝ සම කැසීම වැනි රෝග ලක්ෂණයන් ඇති කරන්නට පුළුවන්.

මෙම පියයුරු පිළිකාව මොළයට හෝ කොඳු ඇට පෙළට පැතිරීම සිදු වුව හොත් රෝග ලක්ෂණ අතරට වේදනාව , ව්‍යාකූලත්වය , මතකය නැති වී යාම , හිසරදය , නොපැහැදිලි පෙනීම හෝ ද්විත්ව පෙනීම , කතා කිරීමේ අපහසුතා , ශරීරය චලනය කිරීමේ අපහසුතා වැනි මාරාන්තික රෝග ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.

ඔබ බොහෝ දෙනෙක් නොදන්නා තවත් පිලිකා වර්ගයක් තමයි පැපිලරි පිලිකා කියන්නේ,
මෙම ආක්‍රමණශීලි පැපිලරි පිළිකාව සාමාන්‍යයෙන් නිර්වචනය කිරීම නම් ටිකක් අපහසු කාර්යයක්. සාමාන්‍යයෙන් මෙම පිළිකාව වර්ධනය වීම සිදු වන්නේ කුඩා ඇඟිලි වැනි ප්‍රක්ෂේපන වලින් තමයි
මෙහි රෝග ලක්ෂණ පිලිබඳව බැලුවොත්,
පැපිලරි පිළිකා බොහෝ විට දී විට දී පියයුරු ස්වයං  පරීක්ෂණයකදී තමන්ගේ අතට දැනිය හැකි සෙන්ටි මීටර් දෙකක හෝ තුනක ප්‍රමාණයේ ගෙඩියක් හෝ ගැටිත්තක් ලෙස හඳුනා ගන්න පුළුවන්

පැපිලරි පිළිකා වලින් සාමාන්‍යයෙන් 50% ක් පමණ තන පුඩුවට යටින් සිදුවන අතර එය සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස තන පුඩුව විසර්ජනය වීම සිදු වෙනවා.

අවසානයේ වශයෙන් තෘත්ව සෘණාත්මක පියයුරු පිළිකාව ගැන තොරතුරු සොයා බැලුවොත්,

මෙම පියයුරු පිලිකාව අනෙකුත් පියයුරු පිළිකාවලට වඩා වෙනස් නොවන නමුත් එයට වෙනස් ම වූ අද්විතීය ලක්ෂණ කිහිපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්.
මෙම ත්‍රිත්ව සෘණාත්මක පියයුරු පිළිකාව සඳහා සාම්ප්‍රදායික පියයුරු ප්‍රතිකාරයක් වන හෝමෝන මගින් සිදු කරන ප්‍රතිකාරයන් නම් ඵලදායි වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි පිළිකාවක් සඳහා රසායනික චිකිත්සාව , විකිරණ ප්‍රතිකාර වගේ ප්‍රතිකාරයන් තමයි සිදු කරන්නේ. අනෙකුත් ආක්‍රමණශීලී පියයුරු පිළිකා සමග මෙම සෘණාත්මක පියයුරු පිළිකාව සසඳන විට ප්‍රතිකාර කිරීමෙන් පසුව පැතිරීම හා පුනරාවර්තනය වීමේ වැඩි ප්‍රවණතාවක් මෙහි තිබෙනවා.

ඉතින්  ඔයාලා හැමෝම මේ පියයුරු පිළිකා වර්ග සහ ඒවායේ රෝග ලක්ෂණ පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් ලබාගන්න ඇති කියලා හිතනවා.ඒ ලබාගත් දැනුම උපයෝගී කරගෙන ඔබටත් ඒ වගේම ඔබේ හිතවතෙකුට හිතවතියකට මෙවැනි රෝග ලක්ෂණ තිබේ දැ යි නිරීක්ෂණය කරලා බලන්න වගේම නොදන්න කෙනෙක්ට මේ පිලිබඳ අවබෝධයක් ලබා දෙන්න වුනත් පුලුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here