පිළිකා නසන පොල් වතුර වල ඇති විශ්මිත ගුණ ගැන ඔබ දැනුවත්ද?

0
1944

සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන් මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳව මේ මෑතක් වනතුරු සුදු ජාතීන්ගේ අවධානය යොමු වුණේ නැහැ . අනෙක් අතට ඔවුන් ඉඟුරු සෝයා  එළවළු තෙල් සහ මාගරින්වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල් තෙල් පොල් මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්මිතගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන් ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර හදවත් රෝග වලට තුඩු දෙන ආහාරයක් ලෙසයි .
ඔවුන්ගේ දැනුම හා හඬ ඔස්සේ තීන්දු තීරණ ගත් අප විසින් ද පොල් තෙල් පොල් මදය මෙන්ම පොල් වතුරද කිසිදු වැදගැම්මකට නැති ආහාරයන් ලෙස සලකා අවඥාවෙන් බැහැර කරනු ලැබුවා.

ඔබ දන්නවාද? අප රට වැසියන් විසින් දිනකට පොල් වතුර ලීටර් 50000 කුණු කානුවට දමන බව.
මෑතක දී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්ඩලය විසින් පුවත්පත්වල පළකර තිබු වාර්තාවකින් කියැවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් පනස් දාහක් ඉවතට හලන බවයි .අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට එකී කාරණාව පමණක් වුව ප්‍රමාණවත්  වනු ඇත .
එබැවින් එකී කාරණාව ද මතකයේ තබා ගෙනම පොල් තැඹිලි කුරුම්බා වතුර පිළිබඳ පෙර අපරදිග විද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වල තතු වලින් එළිදරව් වන ඒ මහඟු ගුණය මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ ද විමසා බලමු .

01. පෝෂණයෙන් අති විශිෂ්ට ජීවයේ පානය පොල් වතුරයි.

පොල් වතුර මේ ලොව ඇති සුපිරිසුදුම පානයයි. මාස නවයක්  පුරා ජෛව පිරිසිදු වීමේ ක්‍රියාවලියට ලක් වී නිපදවෙන පොල්වතුර සපුරා ජීවානුහරිත යි.
එහි සංයුතිය අපගේ සෛල ප්ලාස්මාවේ රුධිරයේ අයනික සංයුතියට  බෙහෙවින් සමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. මෙහි සුලභව  පවතින පොටෑසියම් සෝඩියම් chloride magnesium අයන මෙන්ම සුළු වශයෙන් ඇති ස්වභාවික සීනි නිසාවෙන් අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්වයි .මේකි විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් යුද්ධවලදී බරපතළ තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක් ලෙස කෙලින්ම භාවිතයට ගෙන තිබෙන බවත් දෙවන ලෝක යුද්ධයේදී පමණක් ජීවිත පනස්දාහක් පමණ බේරා ගෙන තිබෙන බවත් ඉතිහාසය තතු විමසීමේදී දැනගන්නට  පුළුවන් .
එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත් ය. මැංගනීස් අයඩීන් සල්ෆර් සින්ක් සෙලෙනියම් කැල්සියම් පොස්පරස් යකඩ හා විටමින් සී බී හා ඊ ද ඇත .තවද මෙහි එය අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කාබනික අම්ල ,එන්සයිම වර්ග ප්‍රතිඔක්සිකාරක , පයිටොකෙමිකල්ස් වර්ග , ශාක හෝමෝන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වෙනවා .

02 හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වැළැක්වීම ද පොල් වතුර පානය කිරීම මඟින් ලැබෙන ප්‍රතිලාභයක් .

පොල් වතුරෙහි තිබෙන අධික කණිජ ලවන සංයුතිය නිසාවෙන් හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස විද්‍යාඥයින් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත .
මේ පිළිබඳව කර ඇති අධ්‍යයනයක දී හෙළිදරව් ඇත්තේ අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන් ඔවුන්ගේ රෝග තත්ත්වය සියයට 71 කින් අඩු වූ බවයි .
පොල් වතුර මිලි ලීටර් 100 ක පොටෑසියම් මිලි ග්රෑම් 300 ක් පමණ තිබෙන අතර එම ප්‍රමාණය කෙසෙල් වලටත් වඩා වැඩි අගයකි . එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක් ලෙස හඳුන්වන්නට විද්‍යාඥයින් පසුබට වන්නේ නැත .පොල් වතුරෙහි අහිතකර කොලස්ටරෝල් නොමැති අතර අධ්‍යයන වලදී හෙළි වී ඇති ආකාරයට අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන හිතකර කොලස්ටරෝල් මට්ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යයි .අනික් අතට රුධිර කැටි ඇතිවීම වළක්වන ගුණයක් ද පොල් වතුරෙහි අඩංගුවන  බැවින් දරුණු හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග වලින් ඇතිවන අවදානම අඩු කරගන්නට ද පොල් වතුර පානය ඉවහල් වන බව සොයාගෙන ඇත .

03 වකුගඩු රැකගන්නට මෙන්ම මුත්‍රාශයේ ගල් දිය කිරීමට පොල් වතුර පානය ඉවහල් වෙනවා .

වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩු වලට සිදු වන හානි වැළැක්වීම පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව පර්යේෂකයින් පෙන්වා දෙනවා .
එබැවින් මත් පැන් හා වස විස නිසාවෙන් සිදුවන වකුගඩු නරක් වීම පාලනය කිරීමටද පොල් වතුර ප්‍රයෝජනවත් වෙනවා .
පිලිපීනයේ චයිනීස් මහ රෝහලේ මූත්‍ර වාහිනී පද්ධතිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉයුජිනෝ මැකලැලෑන් මහතා පෙන්වා දෙන ආකාරයට සතියකට දෙවතාවක් හෝ තුන් වතාවක් පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කළ මූත්‍රාශයේ ගල් සෑදි ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට නියමිතව සිටි රෝගීන්ගේ එම ගල් වල විශාලත්වය අඩු වී ,හෝ කුඩා කොටස් වලට කැඩි තිබුණු බවත් ඒ නිසාවෙන් ඒවා ශල්‍ය කර්මයකින් නොව සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් සුවකිරීමට හැකි වූ බව පැවසෙනවා .
අනෙක් අතට පොල් වතුර හොඳ මූත්‍ර කාරකයක් ද වෙනවා .මුත්‍රා හොඳින් පහ වීමත් මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදන සුව වීමටත් පොල් වතුර හොඳ ඖෂධයක් ලෙස සැලකෙනවා .

04 වස විස වලින් හා දරුණු විස බීජ වලින් ආරක්ෂාවිමට පොල් වතුර පානය වැදගත් වෙනවා

අප්‍රිකානු ඉන්දියානු මෙන්ම ශ්‍රි ලංකාවේද දේශීය වෛද්‍ය ක්‍රමයේදී විෂ ඖෂධ වල විස ගතිය ඉවත්කිරීමට පොල් වතුර භාවිත කොට තිබෙනවා .එමෙන්ම බටහිර ඖෂධ අධි මාත්‍රා වලින් ශරීරය ගත වීමකදී ඒවායේ විෂහරණය කිරීමටත් මෙරට ජනයා ආහාරයට ගනු ලබන ආහාර වර්ග වල ඇතැයි කියනු ලබන පළිබෝධනාශක ශේෂ කොටස් මෙන්ම ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදුවන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි විද්‍යාත්මක තොරතුරු බොහෝමයක් තිබෙනවා .
පොල් කුරම්බා සහ තැබිලි වතුර එහි අඩංගු වෙන මොනොලෝරින් සතුව ව්‍යාධිජනක බැක්ටීරියා වෛරස් හා  ප්‍රොටෝසෝවා මෙන්ම තද ලිපිඩ ආවරණයක් සහිත හර්පිස් සයිටොමෙගලෝ වෛරස් වර්ග මෙන්ම h1n1 වැනි දරුණු ප්‍රතික්ෂ්‍යකාරක වෛරස වර්ගත් විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් සතු වන බව පැවසෙනවා .එමෙන්ම මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කෙරෙන නිසාවෙන් පොල් වතුර රෝගවලින් අපව ආරක්ෂා කෙරෙන බවත් සොයා ගෙන තිබෙනවා .

05 පොල් වතුර පානය කිරීම මඟින් යෞවනත්වය රැක දෙන අතර දීර්ඝායුෂ ලැබෙනවා .

පොල් වතුරෙහි තිබෙන විටමින් ඛනිජ ලවණ හා අනෙකුත් පෝෂණ ගුණයන් ටත් වඩා වැදගත් විශිෂ්ට ගුණයක් වන්නේ මෙහි තිබෙන ශාක සයිටොකයිනින් සංයෝග වලින් අපගේ සිරුරට ලැබෙන ගුණය බව නොඅනුමානය .සයිටොකයිනින් යනු පයිටොහෝර්මෝන නොහොත් ශාක හෝර්මෝනයන් වෙයි .මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යාම ,වර්ධනය, විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ .
නමුත් මෙම ශාක හෝර්මෝන වලින් මිනිසාට ඇති ප්‍රයෝජනය කවරේදැයි විද්‍යාඥයෝ මෑතක් වන තුරුම සොයා ගෙන සිටියේ නැහැ කෙසේ වෙතත්  විද්‍යාඥයින්  අවධාරණය කරන ආකාරයට මෙම සයිටොකයිනින් වලින් පොහොසත් ආහාර සුලභව ලබාගැනීම දීර්ඝායුෂ විඳීම සහ වයසට යෑමේ දී මතුවුණ සංකූලතා අවම වීමටත් ,යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වෙනවා. .පොල්වතුර වනාහී නිසැකයෙන් ම මෙම ශාක හෝර්මෝනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි .

06 පොල් වතුර සතු පිළිකා පාලනය කිරීමේ ගුණය .

පෙරකී සයිටොකයිනින් මගින් වයසට යාම පාලනය කිරීමට අමතරව නිරෝගී සෛල විභාජනය යහපත්ව පවත්වාගෙන යමින් පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බෘෘස් ෆිෆේ අවධාරණය කරනවා .
මීට අමතරව පොල් වතුර පිළිකා  ඇතිකිරීමට හේතුවන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්ෂිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන තිබෙනවා.

07 පොල් වතුර බර අඩු කර ගැනීමට කදිම පානයක් ලෙස ගැනෙනවා .

1999 වර්ෂයේ ඇමරිකාවේ යේල් සරසවියේ දී කර ඇති අධ්‍යයනයක දී හෙළිවී ඇති ආකාරයට පොල් වතුර සීනි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇතිවන ගිජු බව පහ කරන බැවින් බර අඩු කර ගැනීමට කදිම පානයක් ලෙස යොදා ගැනීමට හැකි බව යි.
අනික් අතට විටමින් සී සුලභ ආහාර ලබා ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයක දී හෙළි වී ඇත .පොල් වතුර විටමින් සී වලින්ද අනූනය .
දැන් අපි පොල් වතුරෙහි තිබෙන නේක ගුණ බල කෙටියෙන් විමසා බලමු .
01 දියවැඩියා රෝගය පාලනයෙහිලා ද පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තිබෙනවා
02 පොල් වතුරෙහි සින්ක් හා සෙලෙනියම් වැනි කණිජ ලවණ තිබෙන බැවින් ලිංගික සරු භාවයටත් මඳසරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා .
03 පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන තිබෙනවා .
04 මහලු ළු උදවියට හා ඝණ ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයක්  ලෙස පොල් වතුර සැලකෙනවා.
05 පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ඨ වෙනවා .
06 මවු කිරි වල තිඛෙන ලෝරික් අම්ලය පොල් වතුරෙහිද තිඛෙන නිසා සකස් කළ ළඳරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර ගුණදායක වෙනවා .
07 වමනය යෑම නතර කිරීමේ ගුණයක් සහ ආමාශයේ දැවිල්ල, ගෑස්ට්‍රයිටීස් ,ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ,  බඩ පුරවා දැමීම.  අජීර්ණය, මළ බද්ධය සුවකිරීමේ ගුණයක් පොල් වතුරෙහි තිබෙන බව සොයාගෙන තිබෙනවා.
08 ඇසට හිතකරය .ඇසේ සුද ඒම සහ ග්ලූකොමා රෝග තත්ත්වයන් ඇති වීම වළක්වනවා .
09 ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක් ලෙස භාවිත කරනවා .
10 ශරීරය අධිකව වෙහෙසෙන අවස්තා වල දී සහ විජලන තත්ත්වයන්හී දී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැඛෙන බව පැවසෙනවා .
11 පැපොල සරම්ප සහ ශරීරයේ පලූ දැමීම් සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක් ලැබීම සඳහා පොල් වතුර භාහිරව ගැල් වීමෙන් සහනයක් ලැබෙන බව පර්යේෂකයින් සොයා ගෙන තිබෙනවා .
12 සම රැලි වැටීම පාලනය කරන අතර තුවාල සුවවීමටද දායක වෙනවා .
13 පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට ගුණයක් නිසාවෙන් ලොව පුරා වෛද්‍යවරුන් ගර්භනී මව්වරුන්ට පොල් වතුර තැඹිලි වතුර පානය කරන්නට උපදෙස් දෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here