ලෝකයම අවධානමනට හෙලමින් අන්තර්ජාලයේ පැතිර යන Tik Tok Corona Challenge

0
424

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට දහස් ගනනක් අසරණ වී තිබේ. එමෙන්ම ලොවපුරා මෙම වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව පනස් තුන් දහස ඉක්මවා තිබේ. මෙවන් අවස්ථාවක තමන්ගේ පටු ආර්ථික ලාභයන් හා ප්‍රසිද්ධිය උදෙසා ඇතැම් පිරිසක් බොහෝ දෙනාගේ ජීවිත අවදානමකට ලක් කරමින්

තිබෙන බව පෙනේ. ” කොරෝනා වෛරස අභියෝගය” හෙවත් “corona virus challenge” නමින් ප්‍රචලිත වී ඇති මෙම අභියෝගයද අහිංසක මිනිසුන්ගේ ජීවිත දැඩි අවධානයට ලක් කරන බවත් වක්‍රාකාරව මෙම අභියෝගයන් හේතුවෙන් ජනතාව මිය යාමට ඇති ඉඩකඩ ඉතා වැඩි බවත් වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ.

ඉහත සඳහන් කළ පරිදි මෙම කොරෝනා වෛරසය අභියෝගය යනුවෙන් ප්‍රචලිත මෙම අභියෝගය පිළිබඳව කරුණු සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ ද මෙය සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවමින් ඔවුන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට පත්කරන අනුවණ ක්‍රියාවක් බවයි.

මෙම අභියෝගය හරහා වැසිකිලි පෝච්චි මෙන්ම තවත් පෘෂ්ඨයන් ලෙවකෑමට සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ජනතාව පොළඹවමින් සිටියි. මේ අවස්ථාව වනවිට මෙම ලෝක වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට ගතයුතු පියවර පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා ගැඹුරින් පැහැදිලි කර තිබේ. නමුත් මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙම උපදෙස්  නොපිළිපදිමින් මෙවන් අනුවණ අභියෝගයක් ආරම්භ කර තිබෙන්නේ සෑම දෙනාගේම ජීවිත අවදානමකට ලක් කරමිනි.

මේ අභියෝගය යටතේ විවිධ ලෝහමය භාණ්ඩත් වාහනවල දොරවල් පොදු ප්‍රවාහන වල තිබෙන ලෝහ ආධාරක වැනි බොහෝ දේවල් ලෙවකෑමට බොහෝ පිරිසක් පෙළඹී තිබේ. කිනම් අයුරකින් හෝ මෙම පෘෂ්ඨයක් මත  වෛරසයට අදාළ බැක්ටීරියා රැඳී තිබේ නම් ඔවුන්ගේ මේ අනුවණ ක්‍රියාව හේතුවෙන් ජීවිත දස දහස් ගණනින් විනාශ වීමට ඉඩ තිබේ.

මේ කාල වකවානුව තුළ ඉතා ප්‍රචලිත සමාජ මාධ්‍ය වේදිකාවක් වන TIK TOk මාධ්‍ය හරහා මෙය වඩාත් ප්‍රචලිත වී තිබේ. එමෙන්ම මෙසේ සිදුකළ අභියෝග වලට විශාල නැරඹීමේ ප්‍රමාණයක් (viewed) තිබේ. කෙසේ නමුත් මෙම අවදානම් සහගත ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව වගකිවයුතු බලධාරීන් මෙන්ම වෛද්‍යවරුන්ට පවසා ඇත.

එමෙන්ම බොහෝ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබෙන්නේද මෙම අනුවණ ක්‍රියාව ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අනතුරේ දමන බවයි. එබැවින් මෙවන් භයංකර ව්‍යසනයකට මුළු ලෝකයම මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙවැනි අණුවන ක්‍රියාවල නොයෙදෙන ලෙසත් එක පුද්ගලයකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු කරන මෙවන් මුග්ධ අභියෝග තවදුරටත් අනුමත නොකර සැමගේ ජීවිත බේරා ගනිමින් ලෝකය මෙම වසංගතයෙන් ආරක්ෂා කිරීමට තමන්ට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන ලෙසත් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමේ ඒකායන අරමුණෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here