වකුගඩු වලට හානි කරන මේ ආහාර වර්ග 8න් ඈත් වෙන්න

1
18654

ඔයාලා දන්නවනේ වකුගඩු කියන්නෙ අපේ ශරීරයේ අපිට අතිශයින්ම ප්‍රයෝජනවත් ශරිර අභ්‍යන්තර අවයක් කියලා..ඉතින් ඒ ශාරීරික අභ්‍යන්තර අවයවය නීරෝගී වන තරමට අපේ ආයූ කාලය වැඩිවනවා වගේම අපේ ශරීරය සෑම විටම නිරෝගිව මවත්වා ගැනිමට උදව් වෙනවා..ඔයාලා දන්නව ඇතීනේ වකුගඩු අමාරුව නිසා දවසකට කොච්චර මිනිස්සු මිය යනවද කියලා.. ඉතින් මේ වකුගඩු වලට හානී වීම නිසා මිනිස් ජිවිතයෙන් පවා වන්දි ගෙවිමට සිදුවන අවස්තා බොහෝසෙයින් තියනවා.. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ වකුගඩු වලට හානි කරන ඔයාලා හීනේකින්වත් හිතුවෙ නැතී ඒ තරම් අපේ ජිවිතයට සමීප අහාර වර්ග කිහිපයක් ගැන.. ඉතින් අපි අහලම බලමු.

1 රතු මාංශ වර්ග

ලේ පැහැයෙන් යුතු මාංශ වර්ග භාවිතය අවම කිරීම වකුගඩුවලට හානි කරන  සත්ව ප්‍රෝටීන සිරුරට ගෙන ඒම අඩු කරයි. එයට හේතුවසත්ව ප්‍රෝටීන විසින් වකුගඩුවේ ක්‍රියාවලිය තවතවත් දිගු දුරකට ඇදගෙන යාමයි. මෙලෙස වකුගඩුවට හානි වීම නවතින්නේ අප ශරීරයෙන් පෙරී ඉවත් විය යුතු අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කාර්යයට වකුගඩුව අපොහොසත් වීමයි. 

2 ඇල්කොහොල්

වකුගඩුව වෙහෙසට පත් කරන අනෙක් දේ වන්නේ බොහෝමයක් දෙනෙකු අධික ලෙසඇබ්බැහි වී සිටින අධික ඇල්කොහොල් භාවිතයයි. රුධිරය ගෙන යන අනවශ්‍යඅපද්‍රව්‍ය බැහැර කිරීමේ වකුගඩු වල කාර්යයට මෙය බාධාවක් වන තැනට පත්වෙනවා.එසේම ඇල්කොහොල් සිරුරේ පැවතීම සිරුර විජලනයට ලක්කරනවා. එසේම මස්පිඩු සහ අනෙකුත් අවයවවල නිසි ක්‍රියාකාරීත්වයටද හානි කරන්නටත් ඇල්කොහොල් හේතුවක්  වෙනවා.

3 මේස ලුණු

ලුණු කියන්නෙ ලංකාවෙ උදවිය සෑමවිටම  පාහේ භාවිතා කරන රසකාරකයක්. ලුණු රසට  අපගේ දිවහුරු වී ඇති නිසාත්, එයින් ආහාරයට සිදු කරන රස වෙනස නිසාත් බොහෝ දෙනෙකු ලුණු ආහාරයට හුරු වී  සිටිනවා. මුත්‍රාවලින් පිටවෙන ප්‍රෝටීන්  ප්‍රමාණය ඉහළ නංවන්නටත් එය ප්‍රධානම හේතුවක් වෙනවා.එසේම මේස ලුණුවල ඇති සෝඩියම් වැඩිපුර සිරුරට එකතු වීම වකුගඩුවල ජල පෙරහන් ක්‍රියාවලියට හානි කරනවා. 

4 කැෆේන්

තේ සහ කෝපිවල අඩංගු ප්‍රධානම සංඝටකය  වන කැෆේන් මගින් සිරුරේ ලේ ගමනාගමන  වේගය වැඩිකරන අතර එය අධි රුධිර පීඩන අවස්ථාවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.  මෙය වකුගඩුවෙන් සිදුකරන්නට ඇති වැඩ කොටස තවත් වැඩි කරයි.  එසේම කැෆේන් මගින් සිරුර විජලනයට 
ලක්කිරීමටද දායකත්වයක් ලබා දෙයි.මෙය මුත්‍රාශයේ ගල් ඇති වීම දක්වා වර්ධනය  වීමටද ඉඩ ඇත. 

5 කෘතිම පැණිරස කාරක

මී පැණි වැනි හානිකර බවින් අඩුපැණි රස  වෙනුවට කෘතිම පැණිරස කාරක යෙදීම මේ වන විට බහුලව සිදුවෙනවා.එයට විසඳුමක් තවමත් සිතාගත නොහැකිවුවත් කෘතිම පැණිරසකාරක සහිත බීමවලින් හැකි තාක් ඈත්වී සිටීම වැදගත්ය.

6 කිරි නිෂ්පාදන

සිරුරට ප්‍රෝටීන් ලබාදෙන හොඳම ක්‍රමවේදයක් ලෙසින් කිරි දැක්විය හැකි වුවත් වකුගඩු  ආබාධ ඇති මිනිසුන්ට කිරි ආහාර භාවිතය පාලනය කිරීම අත්‍යවශ්‍යය. අධිකව කිරි ආහාර ලබාගැනීම මුත්‍රාවල කැල්සියම්  වැඩිවීමට හේතුවක් වන අතර එය මුත්‍රාශයේ  ගල් ඇති වීමටද මූලිකම හේතුව වෙයි. 

7 කාබනේටඩ් පානයන්

සෝඩාවර්ග සහ ශක්තිජනක පානයන් වල  අඩංගු සීනි, කැෆේන් සහ කෘතිම පැණි රසකාරක යන ත්‍රිත්වයම වකුගඩුවලට හානි  කරයි.ඒවා ඔබට නව ජීවයක් ගෙනදුන්නත් වකුගඩුවේ ජීවයට හානි කරයි.

8 ජාන වෙනස් කළ ආහාර

දැනටමත් වකුගඩු ආබාධවලින් පීඩාවිඳින පුද්ගලයින්ට ජාන වීකුර්ති කළ ආහාරවලින් සිදුවිය හැකි හානිය ඉහළය. මෙම තත්ත්වයනිසා හැකිතරම් ජාන වෙනස් කිරීමට ලක් කළ පළතුරු එලවළු වලින් දුරස්වීම යෝග්‍යය.

ඉතින් යාලුවනේ ඔයාලට දැන් තෙරෙන්න ඇතිනේ..  අපී හිතුවෙවත් නැති අහාර අපේ වකුගඩු වලට හානි කරනවා කියලා.. ඉතින් මම ඔයාලට කියන්නේ නැහැ මම මේ කිව්ව අහාර අනිවරෙන්ම නවත්තන්න කියලා.නවත්වනවනම් ඒක ගොඩාක්ම හොදයි.. ඒත් ඔයාල වගෙම මමත් මේ අහාර වර්ග වලට ගොඩාක් සමීප වෙලා ඉන්නෙ..  ඒක නිසා අපී අපේ වකුගඩු වලට හානි කරන මේ ආහාර වරග එදිනෙදා ජිවිතයේ දී ගන්න එක චුට්ට චුට්ට හරි අඩු කරමු..

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here